ජවිපෙ ආණ්ඩුවේ කොටසක්, ආණ්ඩුවෙන් තනතුරු දුන්නා – අහෝ ජවිපෙ තව මොන කතාද
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ හවුල්කාරයෙකු බවත් ඔවුන් රටට පෙන්වන්නේ බොරු විරෝධයක් බවත් එක්සත් ජාතික පක්‍ෂය පවසයි. මේ බව කියා සිටියේ හි...
https://www.sathhanda.com/2016/02/blog-post_911.html?m=0
ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ හවුල්කාරයෙකු බවත් ඔවුන් රටට පෙන්වන්නේ බොරු විරෝධයක් බවත් එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති ‘බලය’ දේශපාලන වැඩසටහනට සහභාගී වූ එජාප මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුමයි.
ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන මහතා දිවනන්ට උදවු කල ජවිපෙ ඉන් පසු දින සියය වැටසටහනේදී සෘජුවම ආණ්ඩුවට සහය දැක්වූ බවත්දී ජවිපෙ නායක අනුර දිසානායක ආණ්ඩුව පිහිටවූ දුෂණ විරෝධී කමිටුවේ ප‍්‍රධානියෙක් බවද කියා සිටියේය.
කෝප් සභාපති ධුරය මෙන්ම විපක්‍ෂ සංවිධායක ධුරයට පාර්ලිමේන්තුවේ තවත් කමිටු බොහෝ ගණනක තනතුරද ජවිපෙ ලබා ගත්තේ ආණ්ඩුවේ උදවුවෙන් බවද මන්ත‍්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Related