නිදහස් දිනයට උතුරේ කලුකොඩි එසවෙයි - ඒ අතර ඊළාම් සිතියමත් (PHOTOS)
68 වැනි ජාතික නිදහස් දිනය සමරන අද (04) වවුනියාවේ පිරිසක් කලු කොඩි ඔසවා වවුනියාව නගර සභාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වනවා. උතුරේ වැසියන්ගේ ග...
https://www.sathhanda.com/2016/02/photos_82.html?m=0
68 වැනි ජාතික නිදහස් දිනය සමරන අද (04) වවුනියාවේ පිරිසක් කලු කොඩි ඔසවා වවුනියාව නගර සභාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වනවා. උතුරේ වැසියන්ගේ ගැටලුවලට ආණ්ඩුව පිළිගත හැකි විසඳුම් ලබා දී නැතැයිද තමන්ට නිදහසක් ලැබී නැතැයිද ඔවුන් කියා සිටියා.
යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් අවශ්‍යම බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු වන එම්. සුමන්තිරන්ද ආණ්ඩුව සමග හවුල් වී ඇතැයි මෙහිදී චෝදනා කෙරුණා.
එ් අනුව ඔහුටද සිය විරෝධය පළ කරන බවයි විරෝධතාකරුවන් කියා සිටියේ.

Related