ඩොලරය ඓතිහාසික වාර්තාව තබයි - අද 150ටත් වැඩිවෙයි - 200ට යන බවට අනාවැකි
අද දිනයේද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ලක් ඉතිහාසයේ වැඩිම බාල්දු වීම යලිත් වරක් වාර්තා කලේය. මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ දැක්වෙන්...
https://www.sathhanda.com/2016/03/150-200.html?m=0
අද දිනයේද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ලක් ඉතිහාසයේ වැඩිම බාල්දු වීම යලිත් වරක් වාර්තා කලේය. මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුවේ දැක්වෙන්නේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 146.52ක් හා විකුණුම් මිල රුපියල් 150.54කි. මහ බැංකු පොලී අනුපාත මෙසේ වුවද පුද්ගලික බැංකු හා මුල්‍ය ආයතනවල ඩොලරයක් මීට වඩා ඉහල මිලක් ගනී. කළු කඩයේ නම් රුපියල් 160ටවත් මිලදී ගැනීමට ඩොලර් නැතැයිද වාර්තා වෙයි. මේ අතර ඩොලරයක් ඉතා ඉක්මනින් රුපියල් 200ට ආසන්න වනු ඇති බවට මුල්‍ය වෙළඳපල තුල පැතිරී වන ආරංචි හේතුවෙන් ව්‍යාපාරික ක්ෂෙත්ර්ය කැළඹී සිටිති. මේ වසර නිම වන්නට පෙර ඩොලරයක් රුපියල් 200ට ඉතා සමීප වනු ඇතැයි ඔවුහු කියති.



Related