වී මිල බැහැලා - නාඩු රු. 24 - සම්බා රු. 32යි
ගලේවෙල හා තදාසන්න ප්‍රදේශවල වී මිල ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බවට ගොවීහු මැසිවිලි නඟති. වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගේ වී මිලට ගැනීම ස...
https://www.sathhanda.com/2016/03/24-32.html?m=0
ගලේවෙල හා තදාසන්න ප්‍රදේශවල වී මිල ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බවට ගොවීහු මැසිවිලි නඟති. වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගේ වී මිලට ගැනීම සඳහා සිය ගබඩා මෙතෙක් විවෘත කර නැති අතර මේ වන විට ප්‍රදේශයේ වී අස්වැන්නෙන් සියයට හතළිහක් පමණ නෙළා අවසන් වී ඇති බව ගොවිජන සේවා මධ්‍යස්ථාන ආරංචි මාර්ග පවසයි. මේ අනුව ප්‍රදේශයේ පුද්ගලික වෙළෙඳුන් විසින් නාඩු වී කිලෝවක් රුපියල් 24 ටත්, සම්බා වී කිලෝවක් රුපියල් 32 ටත් මිලට ගන්නා බව ගොවීහු පවසති.
කෙසේ වෙතත් ප්‍රදේශයේ අක්කර 2500 කින් යුත් මහා පරිමාණ ගොවිජනපදයක් වන දේවාහූව ගොවි ව්‍යාපාරයේ වී අස්වැන්න නෙළීම ආරම්භ වී ඇති අතර ඉදිරියේදී දැනට ඇති මිල ප්‍රමාණය තව තවත් අඩුවිය හැකි බවට බිය පළ කරති.

Related