යෝෂිත වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා. යෝෂිත රාජපක...
https://www.sathhanda.com/2016/03/blog-post_1.html?m=0
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (01) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා.
යෝෂිත රාජපක්ෂ එමගින් ප්‍රකාශ කර ඇත්තේ තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි. ඒ අනුව තමන් ඇප මත මුදාහරින්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට නියෝගයක් කරන ලෙස යෝෂිත රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් 7 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙන බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පවසන්නේ.

Related