යහපාලන ජෝගියේ ජෝගින් අවුල - කම්බ හොරු පොලිසියට වෙට්ටු දමයි
වත්තල ඇවිදින මංතීරුව විනාශ කිරීම සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන පරීක්ෂණ ද අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇත. මෙම අර්බුදය හටගෙන ඇත්තේ මංතීරුව විනා...
https://www.sathhanda.com/2016/03/blog-post_789.html?m=0
වත්තල ඇවිදින මංතීරුව විනාශ කිරීම සම්බන්ධයෙන් පොලිසිය සිදුකරන පරීක්ෂණ ද අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇත. මෙම අර්බුදය හටගෙන ඇත්තේ මංතීරුව විනාශ කළ බවට සැකපිට වත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බැකෝ යන්ත්‍රය එම විනාශය කළාදැයි ඊයේ (29 වැනිදා) වන විටත් තහවුරු කර ගැනීමට පොලිසිය ට නොහැකිවීම නිසාය. පොලිස් භාරයට ගත් බැකෝවේ හිමිකරුගෙන් සහ රියෑදුරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ මංතීරුව විනාශ නොකළ බවත් දහවල් කාලයේ පස් පිරවීමකට සහභාගි වී බැකෝ යන්ත්‍රය මංතීරුව අසල නවතා තබා ගිය බවත්ය. එමෙන්ම සිද්ධිය වූ දිනයේ රාත්‍රි සේවාවක් නොකළ බව ද රියෑදුරු පොලිසියට පවසා ඇත.
මංතීරුව කැඩුවේ ඇමැති චම්පික රණවක දැනුවත්ව බවට ඇමැති ජෝන් අමරතුංග මාධ්‍යයට කියා සිටියත් තමන් දැනුවත්ව එවැනි දෙයක් සිදු වී නැතැයි චම්පික ඇමැතිවරයා පෙරේදා (27 වැනිදා) මාධ්‍යයට පැවසීය. ජෝන් අමරතුංග ඇමැතිවරයා ද ඊයේ වන විට විදේශගත වී ඇත.
මේ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මංතීරුව විනාශ කළ අය ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවත් වත්තල පොලිසියේ නිලධාරියෙක් පැවසීය.


Related