සේයාගේ ඝාතකයාට මරණ දඬුවම
කොටදෙණියාව සේයා සඳෙව්මි බක්මීදෙණිය දැරිය දූෂණය කොට මරා දැමීම සම්බන්ධයෙන් වැරදිකරු වූ සමන් ජයලත් නමැත්තාට මරණ දඬුවම ලබාදීමට බස්නාහිර පළාත්...

https://www.sathhanda.com/2016/03/blog-post_957.html
කොටදෙණියාව සේයා සඳෙව්මි බක්මීදෙණිය දැරිය දූෂණය කොට මරා දැමීම සම්බන්ධයෙන් වැරදිකරු වූ සමන් ජයලත් නමැත්තාට මරණ දඬුවම ලබාදීමට බස්නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න අද (15) නියෝග කළාය.
සේයා දැරිය පැහැරගෙන යාම, දූෂණය කිරීම, බරපතල ලිංගික අපයෝජනයක් කිරීම හා ඇගේ මරණය සිදු කිරීම යන චෝදනා යටතේ ප්‍රධාන විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා නගා තිබිණි.
ඒ අනුව පළමු චෝදනාව වන දැරිය පැහැරගෙන යාම වෙනුවෙන් වසර 20ක සිර දඬුවම් හා රුපියල් 10,000ක දඩයක් ද දඩය නොගෙවන්නේනම් තවත් වසරක සිර දඬුවම් ද, දෙවැනි චෝදනාව වන දූෂණය කිරීමට වසර 20ක සිර දඬුවම් හා රුපියල් 10,000ක දඩයක් ද දඩය නොගෙවන්නේනම් තවත් වසරක සිර දඬුවම් ද, තෙවැනි චෝදනාව වන බරපතල ලිංගික අපයෝජනය සඳහා වසර 20ක සිර දඬුවම් හා රුපියල් 25,000ක දඩයක් ද දඩය නොගෙවන්නේනම් තවත් වසරක දෙකක සිර දඬුවම් ද සිව්වැනි චෝදනාව වන ඝාතනයට මරණ දඬුවමද නියම විය.
Related