අප ළඟ තිබුණේ බැනර් විතරයි දේපොළ වැනසුවේ පොලිසිය.දැන් වගකීම අපේ පිට දානවා - පුබුදු ජයගොඩ
ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට සාමකාමී විරෝධතාවකට එක්‌වූ තම පක්‍ෂ සාමාජිකයන්ට පොලිසිය අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කළ බව පෙරටුගාමී ...

https://www.sathhanda.com/2016/04/blog-post_2.html
ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට සාමකාමී විරෝධතාවකට එක්‌වූ තම පක්‍ෂ සාමාජිකයන්ට පොලිසිය අමානුෂික ලෙස පහර දී තුවාල සිදු කළ බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් මධ්‍යම කාරක සභික පුබුදු ජයගොඩ ඊයේ (01 වැනිදා) සඳහන් කළේය.
පොලිසිය එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වීදුරු දොර බැටන් පොලුවලින් පහර දී කඩා බිඳ දමා ඒ මතට තම පක්‍ෂ සාමාජිකයන් ඇද දම පහර දුන් බවට හෙතෙම චෝදනා කළේය.
මෙම පහරදීමෙන් පක්‍ෂයේ සාමාජිකයන් රැසකට තුවාල සිදු වූ බවත් හෙතෙම පැවසීය.
තම පක්‍ෂ සාමාජිකයන් එම දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණියේ අර්ජුන් මහේන්ද්‍රන්, විමල් වීරවංශ යන මහත්වරුන්ට ක්‍රියාත්මක නොවුණු නීතිය කුමාර් ගුණරත්නම් මහතාට පමණක් ක්‍රියාත්මක වූයේ කෙසේද යන්න විමසීමට බවත් පුබුදු ජයගොඩ කීවේය.
පක්‍ෂ ක්‍රියාකාරීන් අත තිබුණේ බැනර් පමණක් බවත් පැවසූ හෙතෙම පොලිසියම රාජ්‍ය දේපළවලට හානි කර එහි වගකීම තම පක්‍ෂ සාමාජිකයන් වෙත පැවරීමට උත්සාහ කරමින් සිටින බවත් කියා සිටියේය.

Related