මෙරටින් ඇල්ලූ ලොකුම කුඩු තොගයේ(කිලෝ101) සුලමුල අණාවරණ වෙයි
දකුණු මුහුදු ප‍්‍රදේශයේ නෞකාවකින් ප‍්‍රවාහනය කරමින් තිබියදී සොයාගත් හෙරොයින් තොගය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වන විට හෙළි වී තිබෙ...

https://www.sathhanda.com/2016/04/101.html
දකුණු මුහුදු ප‍්‍රදේශයේ නෞකාවකින් ප‍්‍රවාහනය කරමින් තිබියදී සොයාගත් හෙරොයින් තොගය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් මේ වන විට හෙළි වී තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ ජාවාරම ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සිදුවූවක් බවයි.
සොයාගත් හෙරොයින් තොගයේ බර කිලෝග‍්‍රෑම් 101ක් පමණ වනවා. ශ‍්‍රී ලංකාවට අයත් මුහුදු ප‍්‍රදේශයේදී මෙතෙක් සොයාගත් වැඩිම හෙරොයින් තොගය ද මෙය වන බවයි නාවික හමුදාව පවසන්නේ. නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව මෙම වැටලීම සිදුකෙරුණා.
අදාළ නෞකාව පොලිස් නිල සුනඛයින් යොදවා තවදුරටත් පරීක්ෂා කරන බවයි පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ. ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු මුලින් අත්අඩංගුවට ගැනුණු අතර තවත් සැකකරුවන් තුන් දෙනෙකු පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන්ගෙන් දස දෙනෙකු ඉරාන ජාතිකයින්. පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකු, ඉන්දීය ජාතිකයෙකු සහ සිංගප්පූරු ජාතිකයෙකු ද සැකකරුවන් අතර සිටිනවා.
පළමු 11 දෙනා අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් තොගය සොයා ගැනුණු නෞකාවේදීමයි. නැවේ සිටිය දී දස දෙනෙක් ද, අධිවේගී මාර්ගයේ සැප වාහනයකින් යමින් සිටිය දී තවත් පාකිස්තාන ජාතිකයන් තුන් දෙනෙක් දපමුණුවේදී ද අත්අඩංගුවට ගනු ලැබූහ.
දකුණු මුහුුදු ප‍්‍රදේශයෙන් ඊයේ හෙළි කරගත් මහා පරිමාණ හෙරොයින් ජාවාරමට සම්බන්ධ බව කියන ශ‍්‍රී ලාංකිකයින් දෙදෙනෙකු විමර්ශනවලින් හඳුනාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ඔවුන් පලාගිය බවයි පොලිස් ආරංචි පවසන්නේ. කෙසේ වෙතත් ඔවුන්ට අයත් වාහන දෙකක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

Related