පොලිස් පරීක්ෂණ තියෙන අය නව පොලිස්පති හොයයි - යහපාලනය නම් මෙයැයි
පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් විශ්‍රාම යාමෙන් පසු පොලිස්පති තනතුරට පත්කරන්නේ කවුරුන්ද යන්න තීරණය කරන ව්‍යවස්ථා සභාව තුළ පොලිස් පරීක්ෂණ හතරක් ත...

https://www.sathhanda.com/2016/04/blog-post_8.html
පොලිස්පති තරනතුරට පත්වීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හතරදෙනෙකු සිටින බවත්, ඉන් එක් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් ව්‍යවස්ථා සභාව තුළ සිටින මහජන නියෝජිතයන්ට මෑතකදී එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල සඳහන් කළේය.
මේ නිසා මෙම නියෝජිතයා සිටින තාක්කල් නිවැරදි ලෙස පොලිස්පතිවරයෙකු පත්වීම සිදුවිය නොහැකි නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම මහජන නියෝජිතයා ව්‍යවස්ථා සභාව තුළ තවදුරටත් රඳවා තබා ගන්නවා දැයි තීරණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය. මෙම මහජන නියෝජිතයාට මෑතකදී රිය අනතුරු චෝදනාවක්ද එල්ල වී තිබෙන බව හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.
Related