ලොකුම කළු සල්ලිකාරයින් අතර රාජ්‍ය නායකයින් 12කුත්
ලොව ප‍්‍රකට පුද්ගලයින් රැසක් සිය වත්කම් සැඟවීම සඳහා යොදාගත් රහස් ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඒ, පැනමා හි නීති සමාගමක් වන මෝසැ...
https://www.sathhanda.com/2016/04/12.html
ලොව ප‍්‍රකට පුද්ගලයින් රැසක් සිය වත්කම් සැඟවීම සඳහා යොදාගත් රහස් ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබෙනවා. ඒ, පැනමා හි නීති සමාගමක් වන මෝසැක් ෆොන්සේකා ආයතනයේ දත්ත උපුටා දක්වමින් ජර්මන් පුවත්පතක් පළ කළ වාර්තාවකින්.
මෙමගින් අනාවරණ කෙරුණු, බදු රැකවරණ ලබමින් රහස් ගිණුම් පවත්වාගෙන ගිය පුද්ගලයින් අතර දැනට බලයේ සිටින රාජ්‍ය නායකයින් 12 දෙනෙකු ද සිටිනවා.
අයිස්ලන්තයේ අගමැතිවරයා, පාකිස්තානයේ හා යුක්රේනයේ ජනාධිපතිවරුන් හා සෞදි රජුද ඒ අතරින් කිහිපදෙනෙක්. රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින්ගේ සමීපතමයෙකුගේ රහස් ගිණුමක් පිළිබඳව ද අනාවරණ වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍යවල දැක්වෙන්නේ අමිතාබ් බච්චන් සහ ඓෂ්වර්යා රායි ද මෙවැනි රහස් ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්
Related