වැට් පනත 11දා නෑ? - කල් යන ලකුණු

ආණ්ඩුව ගෙන ආ වැට් පනත් කෙටුම්පත වෙනුවට නියමිත ක්‍රමවේදයන්ට අනුව සකස් කළ නව වැට් පනත් කෙටුම්පතක් හෙට (09දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම...

ආණ්ඩුව ගෙන ආ වැට් පනත් කෙටුම්පත වෙනුවට නියමිත ක්‍රමවේදයන්ට අනුව සකස් කළ නව වැට් පනත් කෙටුම්පතක් හෙට (09දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව  වාර්තා වේ. මීට පෙර ඉදිරිපත් කළ වැට් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය හේතුවෙන් මෙලෙස නව වැට් පනත් කෙටුම්පතක් සකස් කර නිවැරදි කාර්ය පටිපාටියට අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ඒ අනුව කැබින්ට් මණ්ඩලය තුළ එය සම්මත වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එළඹෙන 11 වැනිදා නියමිත පරිදි වැට් විවාදය නොපැවැත්වීමටද ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.එමෙන්ම වැට් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංශෝධන අද (08දා) පස්වරුවේ මුදල් අමාත්‍යවරයාට බාරදීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමගද සාකච්ඡා කිරීමට නියමිතය.

වැට් පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය ලබන 11 වැනිදා පැවැත්වීමට මීට පෙර ආණ්ඩුව තීරණය කර තිබූ අතර, පසුව එය දින දෙකක විවාදයක් බවට පත්කර තිබිණි. නමුත් නව තත්ත්වයට අනුව බොහෝ දුරට ලබන 11 වැනිදා වැට් පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියැවීමේ විවාදය නොපැවැත්වීමටද ඉඩ තිබේ.

මේ අතර අද දින සමස්ත ලංකා වෙළද නියෝජිතයන් සහ ජනපති අතර හමුවක් පැවැත්වෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4562786732324471605

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item