වැට් නැවතුනු නිසා රජයේ පාඩුව මසකට බිලියන 8යි

පසුගිය මාසයේ සිට අයකිරීමට තිබෙන වැට් බද්ද නිසි ලෙස අය කිරීමට නොහැකිවීමෙන් මසකට රුපියල් කෝටි 800ක පාඩුවක් රජයට සිදුවන බව දේශීය ආදායම් දෙපා...

පසුගිය මාසයේ සිට අයකිරීමට තිබෙන වැට් බද්ද නිසි ලෙස අය කිරීමට නොහැකිවීමෙන් මසකට රුපියල් කෝටි 800ක පාඩුවක් රජයට සිදුවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පසුගිය මැයි 02 වැනිදා සිට ජූලි 11 වැනිදා දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 15%ක වැට් බද්දක් අයකරනු ලැබීය. කෙසේවවුද පසුගිය ජූලි 11 වැනිදා සිට වැට් බද්ද අයකිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවන ලදී.

විමල් වීරවංස ප්‍රමුක ඒකාබද්ධ විපක්ෂය විසින් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම නිසා  අධිකරණයෙන් වැට් බද්ද අත්හිටුවීමෙන් පසුව නව වැට් බදු පනතක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් වැට් බදු අයකිරීම සිදු නොකරයි. ඉන් මසකට සිදුවන පාඩුව රුපියල් කෝටි 800ක් හෙවත් රුපියල් බිලියන 8කට ආදායම් අහිමිවීමක් සිදුවන බව පැවසේ.

රජය වැට් බද්ද මගින් රුපියල් කෝටි දසදහසක (බිලියන 100ක) පමණ වාර්ෂික ආදායමක් අපෙක්ෂා කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1041213336043004407

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item