වරාය නගරය නිසා ධීවර පවුල් 5000කගේ රැකියා නැති වෙනවා - අනුර කුමාර
අනුර කුමාර දිසානායක කොළඹ අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමින් සදහන් කළේ මූල්‍ය නගරයක් ඉදිකිරීමට නම් මුහුද ගොඩකිරීමේ අවශ්‍ය...
https://www.sathhanda.com/2016/08/anura-kumara_22.html?m=0
අනුර කුමාර දිසානායක කොළඹ අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය
හමුවකට සහභාගිවෙමින් සදහන් කළේ මූල්‍ය නගරයක් ඉදිකිරීමට නම් මුහුද
ගොඩකිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. මුහුද ගොඩ කිරීමෙන් වන අතුරු ප්‍රතිඵල
සම්බන්ධයෙන්ද අනුර දිසානායක මෙහිදී අදහස් දැක්වුවා.“මෙම ගොඩ කිරීම හරහා
වරාය නගරය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් එය වට කොට දියකඩනයක් ගොඩනගලා. දියකඩනයක්
ගොඩනැගුවට පසුව වැල්ලවත්ත , ගල්කිස්ස ප්‍රදේශයේ මුළු වෙරළ තීරයම ස්වාභාවික
මුහුදු තීරයක් වෙනුවට පොකුණක් , ටැංකියක් බවට පත්වෙනවා.අද වෙනකොට මොරටුව ,
වැල්ලවත්ත , ගල්කිස්ස කළාපයේ ජීවත් වෙන ධීවර රස්සාව කරන පවුල් 5000ක්
ඉන්නවා. ඒ පවුල් 5000හේම ධීවර රැකියා විශාල තර්ජනයකට ලක්වෙනවා. යයි පැවසු
ඔහු පසුගිය කාල සීමාවේ වරාය ව්‍යාපෘතියට තිබු තදබල විරෝධය මෙහිදී
නොපෙන්නීය. ඔහු යම් කරුණු ප්‍රමණයක් ගෙනහැර දැක්වුවත් පෙර මෙන් එහි විරෝධාත්මක භාවයක් දක්නට නොලැබුණි.
2015 මැතිවරණය පෙර අනුර කුමාර පොර්ට් සිටි ගැන දැක්වූ අදහස්.

Related