කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගැනේ
බම්බලපිටිය ප්‍රදේශයේ 29 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු අද (22) අලුයම කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. අද අලුයම බම්බලපිටිය...
https://www.sathhanda.com/2016/08/bambalapitiya-kidnapped.html?m=0
බම්බලපිටිය ප්‍රදේශයේ 29 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයෙකු අද (22) අලුයම
කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. අද අලුයම බම්බලපිටිය
කොතලාවල ඇවනිව්හි පිහිටි සිය නිවසට පැමිණි අවස්ථාවේදී මෝටර් රථයකින් පැමිණි
පිරිසක් පැහැර ගැනීම සිදුකර ඇත. අදාළ ව්‍යාපාරිකයා විදෙස් රටවලින්
රෙදිපිලි ආනයනය කර අළෙවි කරන්නෙකු වනවා. තමන්ට නිසි පරිදි මුදල් නොගෙවූ
විවිධ ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ඔහු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට
අවස්ථා කිහිපයකදී පැමිණිලි කර තිබුණා. ව්‍යාපාරිකයා සෙවීම සදහා කොළඹ අපරාධ
කොට්ඨාසය විමර්ශන මෙහෙය වනවා.


Related