බැන්කි මූන් අද දිවයිනට
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. රජයේ අරාධනාවක් මත දිවයිනට පැමිණෙන බෑන් කී මූන...
https://www.sathhanda.com/2016/08/banki-moon.html
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්
නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. රජයේ අරාධනාවක් මත
දිවයිනට පැමිණෙන බෑන් කී මූන් දින දෙකක් මෙරට රැඳී සිටීමට නියමිතය.
ඔහු සමඟ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත උනා මැකෝලිද මෙරටට පැමිණෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි.
සංචාරය අතරතුර බෑන් කී මූන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවීමට නියමිතය.
හෙට දිනයේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා "සංහිදියාව හා සහජීවනය - තරුණයාගේ කාර්යභාරය"යන තේමාව යටතේ ගාල්ලේ පැවැත්වෙන තරුණ වැඩසටහනටද සහභාගී වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි.
සැප්තැම්බර් 02 වනදා ඔහු යාපනයේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී නැවත පදිංචි කිරීමේ ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට එක්වන බව සඳහන්ය.
අනතුරුව මහලේකම්වරයා ලක්ෂමන් කදිරගාමර් කේන්ද්‍රයේදී විශේෂ දේශනයකට සහභාගී වීමට නියමිතය.

Related