ආයුර්වේද නිෂ්පාදනවල මද්‍යසාර සීමාව ඉක්මවා නිෂ්පාදනය කරන බව සොයාගනී
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත කරන ප්‍රමාණයට වඩා මද්‍යසාර අඩංගු ආයුර්වේද නිෂ්පාදන අලෙවි කරන ආයතන පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්...
https://www.sathhanda.com/2016/08/blog-post_54.html
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත කරන ප්‍රමාණයට වඩා මද්‍යසාර අඩංගු ආයුර්වේද
නිෂ්පාදන අලෙවි කරන ආයතන පිළිබද පරීක්ෂණ ආරම්භ කර ඇති බව සෞඛ්‍ය
අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයුර්වේද නිෂ්පාදන සඳහා අනුමත කර
ඇති සියයට 4.5 ක් වන මද්‍යසාර ප්‍රමාණය ඉක්මවා ආයුර්වේද නිෂ්පාදන
වෙළෙඳපොළේ පවතින බවට තොරතුරු ලැබී තිබේ. ඒ අනුව මේ පිළිබදව සොයා බැලීම සඳහා
අමාත්‍ය රාජිත සේනාරත්න විසින් කමිටුවක් පත් කර ඇති බව සෞඛ්‍ය
අමාත්‍යාංශය සඳහන් කළේය.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් මෙම උපදෙස් ලබාදී තිබේ.මෙහිදී ආයුර්වේද නිෂ්පාදනවල අනුමත ප්‍රමාණයට වඩා මද්‍යසාර අඩංගු බවට නාවින්න පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත කරුණූ ඉදිරිපත් කර තිබේ.

Related