ශ්‍රී ලංකාවේ පළමු ඔලිම්පික් බලාපොරොත්තුව සුන්වෙයි

රියෝ ඔලිම්පික් 2016 ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව තැබූ පළමු බලාපොරොත්තුව ඊයේ (07) රාත්‍රියේ බොඳ වී ගියා. ඒ මීටර් සියය පසුපස ආර කාන්තා පිහිනුම් ...

රියෝ ඔලිම්පික් 2016 ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව තැබූ පළමු බලාපොරොත්තුව ඊයේ (07) රාත්‍රියේ බොඳ වී ගියා.

ඒ මීටර් සියය පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වට එක් වූ කිමිකෝ රහීම් දෙවැනි මූලික තරගයේදී සිවුවැනි ස්ථානයට පත්වීමත් සමගයි. තරග නිමි කාලය විනාඩි 1.04.21ක්. එම දක්ෂතාව ඇයට අවසන් පූර්ව වටයට පිවිසීමට තරම් ප්‍රමාණවත් වූයේ නැහැ.

කෙසේ වෙතත් කිමිකෝ රහීම් තායිලන්තයේ දී, ඉකුත්දා මෙම දක්ෂතාවට වඩා හොඳ කාලයක් වාර්තා කළා. එහිදී විනාඩි 1.02.63ක දක්ෂතාවක් වාර්තා කරමින් ඇය සිය පෞද්ගලික හොඳම දක්ෂතාව මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවූවා.

එමෙන්ම කිමිකෝ රහීම් ඉකුත් 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී විනාඩි 1.03.78ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කළත්. මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී එම දක්ෂතාවට ළඟාවීමටත් ඇයට හැකි වූයේ නැහැ.

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් සියය පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග සඳහා ක්‍රිඩිකාවන් 34 දෙනෙකු තරග වැදුනා. ඉන් 16 දෙනෙකු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර කාල ගණනය අනුව කිමිකෝ රහීම්ට එම ඉසව්වේ හිමිවූයේ 28 වැනි ස්ථානයයි.

අමෙරිකාවේ බේකර් කෙත්ලින් එම ඉසව්වේ හොඳම කාලය වාර්තා කළේ තත්පර 58.84ක් දක්ෂතාවක් වාර්තා කරමින්.








මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3277032714895269845

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item