බැසිල්ගේ කඩුවෙල තීන්දුව අහක දමා මහාධිකරණයෙන් ඇප

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36කට අධික මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර ස...

දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36කට අධික මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇප මත මුදාහරින්නැයි කොළඹ මහාධිකරණය අද (08) නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු එම්.පී.ඩී.එස්. මොරායස් මෙම නියෝගය නිකුත් කළේ ඉකුත් ජුලි 18 වෙනිදා ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා ලබාදුන් නියෝගය අභියෝගයට ලක්කරමින් ගොනුකළ ප‍්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

අද දින අදාළ ප‍්‍රතිශෝධන පෙත්සම කැඳවූ අතර එහිදී නීතිපතිවරයා කියා සිටියේ ඇප ලබාදීමට විරෝධයක් නොමැති බවයි.

මේ වන විට ඔවුන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන බොහෝමයක් අවසන් වී ඇති බැවින් ඇප ලබාදීමට විරුද්ධ නොවන බව නීතිපතිවරයා ප‍්‍රකාශ කළා.

ඒ අනුව සුදුසු ඇප කොන්දේසි මත සැකකරුවන් මුදාහැරීම කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයාට පැවරෙනු ඇති.

මෙම නියෝගය කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයාට ෆැක්ස් පණිවුඩයක් මගින් දැනුම් දෙන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2520032441986293293

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item