ලංවිමයේ දිගුකාලීන ජනන සැලැස්ම මහජන උපයෝගීතා කොමිසම මගින් ප්‍රතික්ෂේප කර නැහැ -ලංවිම

ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලැස්ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තා...

ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලැස්ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට පළ වී ඇති මාධ්‍ය වාර්තාව සාවද්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මගින් එය සඳහන් කරනවා. එය පහත දැක්වේ.
ලංකා විදුලිබල මණ්ඩලය සකස් කරන වසර විස්සක කාලයක් සඳහා වන ජනන ධාරිතාවයන් ඇතුළත් වන දිගු කාලීන ජනන සැලැස්මල ශ්‍රී ලංකා විදුලිබල පනතේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත යොමුකර අනුමැතිය ලබා ගත යුතු ය. ඒ අනුව අනුමත වන දිගු කාලීන ජනන සැලැස්ම විදුලිබල ක්ෂේත්‍රයේ සිඳුවන සංවර්ධන වෙනස්කම්ල ප්‍රතිපත්තිමය වෙනස්කම් අනුව සෑම වර්ෂ දෙකකටම වරක් නැවත සමාලෝචනයට ලක් කළ යුතු ය. මෙසේ ඉදිරිපත් වන ජනන සැලැස්ම අනුමත වූ පසු විදුලි බලාගාර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය මත ක්‍රියාත්මක කිරීම ලංකා විදුලිබල මණ්ඩලයේ නෛතික වගකීමකි. මේ අනුව අවසන් වරට මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2013 – 2032 දක්වා වන ජනන සැලැස්ම අනුමත කර ඇත. කෙසේ නමුත් 2015 වර්ෂයේ දී සිදුකළ යුතු සමාලෝචනය කිරිමේ කටයුතු සිදුවන අතර වාරයේ රජයේ ප්‍රතිපත්තිමය තීන්දු සහ බලශක්ති ක්ෂේත්‍රයේ පවතින වෙනස්කම් අනුව ජනන සැලැස්ම සකස් කිරීම සඳහා කටයුතු කරනු ලැබී ය. බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධ විවිධ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කීපයක් පැවැත්වූ අතර ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය මගින් 2017 – 2034 වර්ෂ සඳහා ජනන සැලැස්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත. මේ යටතේ 2015 -2034 වර්ෂ සඳහා වන සමාලෝචනය අවසන් නොවූ හෙයින් 2017-2020 වර්ෂ සඳහා කෙටිකාලීන ජනන සැලැස්මක් ද ලංකා විදුලිබල මණ්ඩලය මගින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර එයට අනුමැතිය ලබා ගෙන ඇත. කෙසේ නමුත් 2017 – 2036 ජනන සැලැස්ම යටතේ ඉදිරිපත් වී ඇති බලාගාර ඉදිකිරීම සම්බන්ධව රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ඒ සඳහා වන රාජ්‍ය ප්‍රතිපත්තිය හා මාර්ගෝපදේශන (Government Policies and Guidelines) ඉල්ලා ලිපියක් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත. එම ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශන ලබාදුන් විට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මේ පිළිබඳව අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන 2017-2036 දක්වා වන දිගු කාලීන ජනන සැලැස්ම සඳහා අනුමැතිය ලබාදීමට නියමිතය.

තව ද ලංකා විදුලිබල මණ්ඩලය මගින් සකස් කර ඉදිරිපත් කරන ලද 2017 – 2036 ජනන සැලැස්ම අනුමත කිරිම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම මගින් තව දුරටත් ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් ඇගයීමට අවශ්‍ය දත්ත සහ තොරතුරු ඉල්ලා ඇති අතර එම තොරතුරු ලබාදීම වෙනුවෙන් 2016-09-16 දක්වා කාලසීමාවක් ලබාදී තිබේ. මෙම කාලසීමාව තුළදී ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වෙත යාවාත්කාලීන තොරතුරු ලබාදීමෙන් අනතුරුව අදාළ දිගුකාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මහජන උපයෝගීතා කොමිසම වෙතින් අනුමැතිය ලබාදීමට නියමිතය.

මේ අනුව පැහැදිලි වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කරනු ලැබූ 2017 – 2036 දිගු කාලීන ජනන සැලැස්ම මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් ප්‍රතික්ෂේප කළ බවට පැතිර ඇති වාර්තා පදනම් විරහිත බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9132130367880621648

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item