උසාවි තීන්දුව පාර්ලිමේන්තුවට - නව VAT පනතක් ගෙන එන බව අගමැති කියයි

වැට්බදු සංශෝධනයට අදාළ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට අනුකූලව ඉදිරිපත් කර නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී ඇති බව කථානායක කරූ...

වැට්බදු සංශෝධනයට අදාළ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට අනුකූලව ඉදිරිපත් කර නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී ඇති බව කථානායක කරූ ජයසූරිය  අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව වෙනත් පනතක් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත.

එහිදී අගමැතිවරයා පවසා ඇත්තේ මෙවැනි පනත් මීට පෙර සම්මත වී තිබෙන බැවින් ඒ ගැන සොයා බලන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

එහිදී විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මෙය පරාජයක් ලෙස සලකන්න එපා යැයි ද පවසා ඇතැයි සඳහන්ය.

එහිදී අගමැතිවරයා පවසා ඇත්තේ එසේ ‍සලකන්නේ නැති නමුත් එවැනි පනත් මීට පෙර සම්මත වූයේ කෙසේදැයි සොයා බැලිය යුතු බවත්ය.

අවසානයේදී කථානායකවරයා පවසා ඇත්තේ පක්ෂ නායක රැස්වීමකදී මේ ගැන සාකච්ඡා කර තීන්දුවක් ලබාදෙන බවකි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6169745626870226676

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item