මම ෆොටෝ එකක් දැම්මම තමයි ගොඩාක් අයට අමාරු -පියුමි හංසමාලි

  පියුමි ඉඳලා ඉඳලා ලොකු පිනුමක් පනින්නද හදන්නේ? මෙදා පාර මම මිසිස් යුනිවස් තරගයේ අන්තිම ‍දොළොස් දෙනාට තේරුණානේ. තරගය ජනප්‍රිය කරගන්න පියු...


 
පියුමි ඉඳලා ඉඳලා ලොකු පිනුමක් පනින්නද හදන්නේ?

මෙදා පාර මම මිසිස් යුනිවස් තරගයේ අන්තිම ‍දොළොස් දෙනාට තේරුණානේ.

තරගය ජනප්‍රිය කරගන්න පියුමිට ආරාධනා කළා වෙන්න බැරිද?

රූ රැජන තරගවල සියයට අනූවක්ම තියෙන්නේ ෆලේවරේෂන්. ඒ හින්දා කලින් මම ඒ වගේ කිසිම තරගයකට ගිහින් නෑ.

ඔයයි උදාරි පෙරේරායි දෙන්නම හැමෝම දන්න අය. මේක අනෙක් තරගකාරියන්ට අසාධාරණයක් නේද?

නෑ කිසිම අසාධාරණයක් නෑ. අපි හැමෝම මිත්‍රශීලීයි.

ඒ හැමදේම අතරේ රූ රැජන තරගයේ විනිසුරුවරයෙක්ව සිපගන්න ඡායාරූපයකුත් අන්තර්ජාලෙ සැරිසැරුවෙ කොහොමද?

ඔය වගේ දේවල් සමහරු මැජික් කරගෙනනෙ. මම ෆොටෝ එකක් දැම්මම තමයි ගොඩාක් අයට අමාරු. මම තැනට ගැළපෙන්න අඳිනවා. අනෙක මම අම්මා කෙනෙක්නෙ.

පොඩ්ඩව මුණගැහුණෙ කොහොමද?

මම පොඩ්ඩට ගොඩාක් කැමැතියි. එක පාරක් අපි ජ්ඕ ලයිව් එකටත් ආවා.

අපිට ආරංචි විදියට නම් දැන් පියුමිට පොඩ්ඩව නැතිව බැරිලු නේද?

අපි හම්බවුණේ දවස් දෙකයි. දවසක් අපි මැජෙස්ටික් සිටි එකේ ෆුට්කෝට් ගියා. මට හිතාගන්නත් බැරි වුණා. කොල්ලො කෙල්ලො මුලින්ම පොඩ්ඩටයි කතා කළේ. මං පොඩ්ඩගෙ ගර්ල් ෆෙරෙන්ඩ් කියලයි හිතලා තියෙන්නේ.

ගින්නක් නැතිව දුමක් නඟීවිද?

කතා නම් ඕනෑ කෙනෙක්ට හදන්න පුළුවන්නේ. මම මේ රූ රැජන තරගෙට පස්සේ උදයකාන්ත අයියා අධ්‍යක්ෂණය කරන මං රඟපාන මුල්ම ෆිල්ම් එකට ලෑස්ති වෙනවනේ. ඒකේ මගෙ පෙම්වතා හේමාල්.

චිත්‍රපටයෙ වෙනදා දකින පියුමිවම දකින්න ලැබෙයිද?

පියුමිගෙ ලොකු වෙනස්කම් දකින්න ලැබෙයි. චිත්‍රපටය වෙනුවෙන් උදයකාන්ත අයියා මට සාරිය ඇන්දුවා.
AddThis Sharing Buttons



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 7888553172111278222

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item