බිළිඳෙක් නිවසක ඉදිරිපිට පෙට්ටියක දමා ගිහින් - යාපනයෙන් ඇසෙන කතා

යාපනය ඉලවාලෙයි පොලිස් වසමට අයත් වඩලිඅඩෙයිප්පු කෝවිල ඉදිරිපිට දින 20 ක් වයසැති කුඩා බිළඳෙකු කාඩ්බෝඩ් පෙට්ටියක දමා ගොස් තිබියදී 07 දා උදෑසන...

යාපනය ඉලවාලෙයි පොලිස් වසමට අයත් වඩලිඅඩෙයිප්පු කෝවිල ඉදිරිපිට දින 20 ක් වයසැති කුඩා බිළඳෙකු කාඩ්බෝඩ් පෙට්ටියක දමා ගොස් තිබියදී 07 දා උදෑසන හමු වූ බවට ඉලවාලෙයි පොලීසිය කියා සිටියේය.

වඩලිඅඩෙයිප්පු කෝවිල ඉදිරිපිට පිහිටි නිවසක ගේටුටුව අසල කාඩ්බෝඩ් පෙට්ටියක් දුටු නිවසෙහි හිමිකරු විසින් අදාල පෙට්ටිය පරික්ෂා කිරීමේදී පෙට්ටිය තුල බිළි‍‍දෙකු දැක ඒ බව ඉලවාලෙයි පොලීසියට දැනුම් දී ඇත.

අදාල දැනුම් දීමෙන් පසුව එම අවස්ථාවේදීම අදාල ස්ථානයට පැමිණි ඉලවාලෙයි පොලිස් නිලධාරීන් විසින් කාඩ්බෝඩ් පෙට්ටිය තුල සිටි පිරිමි දරුවෙකු ඉවතට ගෙන එම අවස්ථවේදීම තෙලිප්පලෙයි රෝහල වෙතුට රැගෙන ගොස් ඇත.

තෙලිප්පලෙයි ‍රෝහලේ වෛද්‍ය වරුන දරුවා පරික්ෂා කිරීමෙන් පසුව කියා සිටියේ මෙම බිළිඳා දින් 20 ක පමණ වයසැති දරුවෙකු බවටත් දරුවා නීරෝගිමත්ව සිටින බවටත්ය.

මේ වන විට බිළිඳා යාපනය ළමා රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබා දෙන බවටත් දරුවාගේ අයිති කරුවන් කව්රුන්දැයි යන්න මෙතෙක් කිසිවෙක් පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොමැති අතරම අයිති කරුවන් සොයා පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද ඉලවාලෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1696817047724749721

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item