මාතර රැළිය ගැන ඩලස් කතා කරයි
එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරණායක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්වීමට හේතු වූ කරුණු පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයන් යළි සිතා බැලිය ...

https://www.sathhanda.com/2016/08/dullas-alahapperuma_97.html
එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරණායක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්වීමට හේතු වූ කරුණු පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයන් යළි සිතා බැලිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
යහපාලනය සදහා වූ ආණ්ඩුවේ පළමු සංවත්සරය වෙනුවෙන් පසුගියදා මාතරදී පැවති රැළිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම අදහස් පළ කළ අතර එහිදී මේ බව පැවසීය
“මාතර දිස්ත්‍රික්කයේ සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනතාව ඒකමතිකව තීරණය කළා මේ රැළිය වර්ජනය කරන්නට ඕනේ කියලා. අපි දැක්කා වේදිකාවේ ඒකට ලැබුණු ප්‍රතිචාර. මෛත්‍රී ජනාධිපතිතුමත් වෙනදා නැති කේන්තියකින් කතාකළා.
ජනාධිපතිතුමනි එක්සත් ජාතික පක්ෂයත් එක්ක මාතර වේදීකාවකට ඇවිල්ලා අවුරුදු 5කට මේ දීගය දීර්ඝ කරනවා කිවුවම ඊට වඩා වැඩි කේන්තියක් මේ සටන්කාමී දේශපාලන භූමියේ ජීවත්වෙන මිනිසුන්ට නිරායාසයෙන්ම ඇතුල් වෙනවා.
මෙන්න මේකයි තේරුම්ගත යුත්තේ. අපේ ඉන්න ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයාගේ සංවිධායක ධූරය අහෝසිකරලා ඡන්ද අනූ අට දාහක් ගත්ත මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ. දාහ හතරදාහක් ඡන්ද ගත්තු කෙනෙක් ඒ වෙනුවට පත්කරපු එකට දිස්ත්‍රික්කයේ මිනිස්සු විරෝධයි”.

Related