නිකාබ් තහනම් කරන්න ජනපති අගමැති ආරක්ෂක මණ්ඩලයේදී විරුද්ධ වෙයි
ඉස්ලාම් ආගමික භක්තික කාන්තාවන් පලඳින බුර්කාව මෙරට තුළ තහනම් කිරීම සඳහා පසුගිය දා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ආරක්ෂක අංශ ප්‍රධානියකු ...

https://www.sathhanda.com/2016/08/niqab-sri-lanka.html
ඉස්ලාම් ආගමික භක්තික කාන්තාවන් පලඳින
බුර්කාව මෙරට තුළ තහනම් කිරීම සඳහා පසුගිය දා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ
දී ආරක්ෂක අංශ ප්‍රධානියකු විසින් ගෙන ආ යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ISIS ඉස්ලාම් මූලධර්මවාදී ත‍්‍රස්ත කණ්ඩායම් මෙරට තුළ ක්‍රියාත්මක වීම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම යෝජනාව ආරක්ෂක අංශ නියෝජිතයා වෙතින් ඉදිරිපත්ව තිබුණ ද මෙහි දී ජනාධිපතිවරයා විමසා ඇත්තේ ඊට සාක්ෂි තිබෙනවාද යන්නය. එහෙත් බුර්කාව සම්බන්ධයෙන් මෙරට ගැටලූකාරී අවස්ථාවන් පැනනැඟ ඇත්තේ දෙවරක දී පමණක් බව පෙන්වා දී ඇත.
කටුනායක ගුවන් තොටුපළේ දී සිය බිරිඳ පුදුමයට පත් කිරීම සඳහා සැමියකු බුර්කාවෙන් මුහුණ ආවරණය කරගෙන පැමිණීම හා මහනුවර ප්‍රදේශයේ වූ බැංකු කොල්ලයක් සඳහා එම කොල්ලකරු බුර්කාවෙන් මුහුණ ආවරණය කර ගෙන පැමිණීම එම සිද්ධි දෙකයි.
යුරෝපීය රටවල් කිහිපයක්ම මේ වන විට බුර්කාව තහනම් කිරීමට කටයුතු කරමින් සිටිය ද මේ මොහොතේ දී එවැනි පියවරකට ගියහොත් පසුගිය කාලය තුළ උත්සන්න වූ ආගමික ගැටුම් සමථයකට පත් කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගෙන තිබෙන පියවර යළි අර්බුදයකට යා හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. එමෙන්ම ISIS ත‍්‍රස්තයන්ට ශ්‍රී ලංකාව ඉලක්කයක් වී ඇති බවට බුද්ධි අංශ තොරතුරු කිසිවක් වාර්තා වී නැති බවත් එම නිසා ඇතැම් මූලධර්මවාදී සංවිධානවල ප්‍රචාරයන් අනුව කලබල වීම අවශ්‍ය නැති බවත් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.
එහි දී ජනාධිපතිවරයාගේ මතය අගමැති රනිල් වික්‍රරමසිංහ මහතා හා විදේශ ඇමැති මංගල සමරවීර මහතා ද අනුමත කර තිබේ.

මුස්ලිම්
ආගමේ ශුද්ධ වූ කුරානයේ වත් නිකාබ් පැලදීම අනිවාර්ය කර නොමැත. මැදපෙරදිග
මෙම තත්වය පවතින්නේ වහාබ් වාදය ක්‍රියාත්මක වන සවුදි අරාබියේ පමණි. අනික්
රටවල වහබ් ජිහාඩ් අන්තවාදී ත්‍රස්තවාදීන් පාලනය කරන ප්‍රදේශ වල මෙම නීතිය ඇත. වසර 1600ක් පැරණි මුස්ලිම් ආගමට මෙම නිකාබ් පලදීමේ නීතිය හෝ සම්ප්‍රදාය ඇතුලත් වී ඇත්තේ මෑතකාලීන වහබ්වාදය ඇසුරෙනි.
Related