ඒකාබද්ධ විපක්ෂය කරන්නේ බොරුවක් - අමාත්‍ය පී.හැරිසන්
අතුරුදහන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාල (අපිකා) පනත සම්මත වීම පිළිබඳ ඒකාබඳ්ද විපක්ෂයෙන් මේ වෙන තුරු පක්ෂව හෝ විපක්ෂව කිසිදු පියවරක් ගෙන නොම...
https://www.sathhanda.com/2016/08/p-harrison.html?m=0
අතුරුදහන් වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාල (අපිකා) පනත සම්මත වීම පිළිබඳ ඒකාබඳ්ද විපක්ෂයෙන් මේ වෙන තුරු පක්ෂව හෝ විපක්ෂව කිසිදු පියවරක් ගෙන නොමැති අතර රටට පේන්න පමණක් බොරුවට විරුද්ධ බව පෙන්වමින් සද්දෙ දමන බවට ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් කියා සිටියේය.
අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ 15 දා වව්නියාව තේක්කවත් ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් මාධ්‍යට අදහස් දක්වමිනි.
‘‘අද වෙනකම් මේ පනත සම්මත වීම ගැන ඒකාබද්ධ විපක්ෂය කිසිම සංසෝධනයක්වත් දීල නැහැ ඒ අය බොරුවක් මේ කරන්නේ ජනාධිපති තුමන් පැහැදිලිව කියලා තියනවා නැවත උතුරු නැගෙනහිර පලාත්වල සිංහල දෙමළ හෝ මුස්ලිම් වේවා ආගමික වශයෙන් හෝ කිසිම ගැටලුව ඇති නොවීමට වගබලා ගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මේ අන්තවාදී කොටස්වල විතරයි මේ විරෝධය පාන්නේ නමුත් රටේ ජනතාවගේත් ජාත්‍යන්තරයෙත් ප්‍රසාදය හිමි වෙලා තියනවා ඒ නිසා මේ යහපාලන ආණ්ඩුව ජනතාව වෙනුවෙන් හැමදාමත් ඉන්නවා.


Related