එට්කා ඉක්මනින්, වැඩි වාසි ශ්‍රී ලංකාවටයි - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වයි.කේ. සිංහා
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරිමට නියමිත ආරථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම ඉක්මනින්ම යතර්ථයක් වෙනු ඇති බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ ...
https://www.sathhanda.com/2016/08/wk-singha.html?m=0
ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් කොළඹදී පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය. මෙම ගිවිසුමට අදාළ පාර්ශ්වයන් පිළිබඳව හොඳ සාකච්ඡාවට කිහිපයක් පැවැත්වූ බවද ඔහු සඳහන් කළේය.
එට්කා ගිවිසුම දෙපාර්ශ්වයටම ජය - ජය (Win - Win) තත්ත්වයක් නිර්මාණය කෙරෙනු ඇති බව පෙන්වා දෙන ඉන්දීය මහකොමසාරිස්වරයා මෙම ගිවිසුම හරහා ශ්‍රි ලංකාවට බොහෝ ආර්ථික වාසි අත්වෙන බවද පැවැසීය.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති වෙළදාමේ වටිනාකම ඩොලර් බිලියන 4.6ක් වුවත් එයින් ඩොලර් බිලියන 4ක්ම ඉන්දියාවට අයත් බව පෙන්වා දුන් මහකොමසාරිස්වරයා ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ වටිනාකම ඉහළ දැමීමට ඉඩ තිබෙන බවද පැවැසීය.


Related