ජනපති මෛත්‍රීගේ නිල වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් - ප්‍රහාරය ශ්‍රී ලංකා වෙන්මයි
ශ්‍රී ලාංකික වෙබ් අඩවි පිලිබඳව සැලකිලිමත් නොවන්නේ නම් රටට සයිබර් යුද්ධයකට හසු වීමට සිදු වනු ඇති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ නිල වෙ...

https://www.sathhanda.com/2016/08/president-maithri-website-hacked.html
ගගන තොරතුරු තාක්ෂණවේදීන් පවසන්නේ ජනාධිපතිවරයාගේ www.president.gov.lk වෙබ් අඩවියට හැකරුන්ගේ ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි.
අගෝස්තු 25 ලංකාවේ වේලාවෙන් රාත්‍රි 9.15 වනවිට අප දුටුවේ මෙම පිටුවයි.
රතු පාටින් එහි එන අනතුරු ඇඟවීම යටින් ලියා ඇත්තේ ‘මීට ශ්‍රී ලාංකික තාරුණ්‍යය’ යනුවෙනි.
අන්තර්ජාල ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට එල්ලවන ප්‍රහාර වලට එරෙහිව පියවර ගැනීමට පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයක් වන සයිබර් ආරක්ෂාව සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ (CERT|CC) තොරතුරු ආරක්ෂාව පිලිබඳ ප්‍රධාන ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත ගෙන් කළ විමසීමකදී ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති වෙබ් අඩවිය සම්බන්ධයෙන් අද රාත්‍රිය වනතුරු කිසිදු පැමිණිල්ලක් ලැබී නැති බවයි.
කෙසේ වෙතත්, අප කළ විස්තර අනුව ජනාධිපති නිල වෙබ් අඩවියට අන්තර්ජාල කොල්ලකරුවන් කඩා වැදී ඇති බවට සැක කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මේ සම්බන්දයෙන් තවම කිසිම නිවේදනයක් නිකුත් කර නැත.
Related