ව්‍යාපාරිකයා ඝාතනය වූයේ සෙල්ලක්කාර ජීවිතය නිසා ද? CCTV පද්ධතිය පරීක්ෂාවට!
පසුගිය 21 වෙනි දා බම්බලපිටියේදී පැහැරගැනීමට ලක් වූ මොහොමඩ් සාකිබ් සුලේමාන් නමැති කෝටිපති ව්‍යාපාරිකයා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය පිට...

https://www.sathhanda.com/2016/08/cctv.html
ව්‍යාපාරිකයාගේ ඥාතීන් අතර වූ ආරවුලක් සහිත පළිගැනීමක් මෙහි දී ක්‍රියාත්මක වී ඇතැයි පොලිසිය සඳහන් කර තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය සහ බම්බලපිටිය පොලිසිය මඟින් සිදු කරන පරීක්ෂණවලට අනුව මෙම ඝාතනය සැලසුම් සහගතව සිදුකර ඇති බව හෙළි වී තිබෙන අතර එම සැලසුමට සාකිබ් මහතාගේ සමීපතම පුද්ගලයකු ඇතුළු පස් දෙනෙක් සම්බන්ධ බවටත් සැක කරයි.
ඝාතනයට සම්බන්ධ යැයි සැකකරන පුද්ගලයන් කවුද යන්න මේ වන විටත් පරීක්ෂණ අංශ මඟින් හඳුනාගෙන ඇති අතර ඉදිරි පැය 24 තුළ ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවෙතැයි විශ්වාස කරයි.
එමෙන්ම පැහැරගෙන යාමට ආ මෝටර් රථය ද සොයමින් සිටින බව වාර්තා වේ.
සාකිබ් මහතා ගතකොට ඇත්තේ ඉතා සෙල්ලක්කාර ජීවිතයක් බවත් එම සෙල්ලක්කාරබව සහ මෙම ඝාතනය අතර දැඩි සබඳතාවයක් ඇති බවත් පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ විශ්වාස කරයි.
එමෙන්ම පොලීසිය සඳහන් කරන්නේ මෙම පැහැර ගැනීම සිදු වී ඇත්තේ මූල්‍ය ගනුදෙනුවක් හෝ කප්පම් ගැනීමේ අරමුණ මත නොවන බව යි.
අපරාධකරුවන් විසින් කප්පම් ගැනීමේ සිද්ධියක් පෙන්වමින් කප්පම් ඉල්ලා දුරකථන ඇමතුම ලබාදී ඇත්තේ පොලිසිය නොමග යැවීමට බව යි පොලීසිය සැක කරන්නේ.
සාකිබ් මහතා පැහැරගත් අවස්ථාවේම ඔහු ඝාතනය කර ඇතැයි පොලිසිය විශ්වාස කරන අතර ඝාතනය සිදුකර වෙනත් වාහනයකට දමාගෙන ගොස් මළ සිරුර අරනායක ප්‍රදේශයට ගෙන ගොස් දමා ඇති බවට පොලීසිය සඳහන් කරයි.
සාහිබ් මහතාගේ නිවසේ CCTV කැමරාවල මෙම පැහැරගැනීම සටහන් වී නොමැති අතර එසේ වීමට හේතුව පිළිබඳව ද පොලීසිය පරීක්ෂණ පවත්වයි.
එම කැමරා පද්ධතිය පරීක්ෂාවට ලක් කළ පොලීසිය එයින් ද තොරතුරු ලබාගෙන තිබේ.
අවට නිවෙස්වල කැමරා පද්ධතිවල එම පැහැරගැනීම සටහන් වී ඇතැයි ද පරීක්ෂා කර ඇති අතර ඒ හා සම්බන්ධ තොරතුරු ද ලබාගෙන ඇති බව වාර්තා වේ.
සාහිබ් මහතාගේ ජීවිතයට විවිධ අවස්ථාවල තර්ජන එල්ල වී ඇති බව අනාවරණය වී තිබේ.
එමෙන්ම ඔහුගේ ඥාතීන් අතර විවිධ ගැටලු සහගත ප්‍රශ්න රැසක් ඇතිවී ඇති බවට ද තොරතුරු ලැබී තිබේ.
මෙම ඝාතනය පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳ මේවන විට ලැබී ඇති තොරතුරු තවදුරටත්ත හවුරු කර ගැනීමට පොලීසිය ක්‍රියා කරමින් සිටියි.
එම කරුණු තහවුරු කර ගැනීමත් සමඟ සැකකරන ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සිදු වෙයි.
Related