රටින් පලාගිය එස්.එස්.පී.ට යළි තනතුර - ඔහු එජාපයේ මහර ආසන සංවිධායක විය
දේශපාලන බලපෑම් මත යැයි සඳහන් කරමින් පොලිස් සේවය අතහැර ඕස්ට්‍රේලියාවට පලාගොස් ආණ්ඩු පෙරළියෙන් පසු මෙරටට පැමිණි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් ...

https://www.sathhanda.com/2016/08/priyashantha-jayakodi.html
දේශපාලන බලපෑම් මත යැයි සඳහන් කරමින් පොලිස් සේවය අතහැර ඕස්ට්‍රේලියාවට පලාගොස් ආණ්ඩු පෙරළියෙන් පසු මෙරටට පැමිණි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩිව නැවත සේවයේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබි ඇතැයි නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ තොරතුරු අනාවරණය කළේය.
මෙරටට ඔහු පැමිණීමෙන් පසු එ.ජා.ප.යේ මහර ආසන සංවිධායක ධුරය හිමි විය. පසුගිය මහා මැතිවරණයේදී ඔහු එ.ජා.ප.යෙන් ගම්පහ දිස්ත්‍රික්කයටද තරග කළේය. තමන් මේ වනවිට ආසන සංවිධායක ධුරයෙන් ඉවත්ව ඇති බව ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී ප්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළේය.
ප්‍රිශාන්ත ජයකොඩි හැරුණු කොට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 06 දෙනෙක් නියෝජ්‍ය පොලිස්පති ධුරවලට උසස් කිරීමටත්, සහකාර පොලිස් අධිකාරිවරු 04 දෙනෙක් පොලිස් අධිකාරිවරු ලෙස උසස් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය. පසුගිය කාලයේ පොලිස් සේවය අතහැර ගිය කිහිප දෙනෙක්ම නැවත උසස්වීම් සමග පොලිස් සේවයට ගැනීමටද කැබිනට් අනුමැතිය ලැබි ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
දේශපාලන හේතූන් මත විවිධ ගැටලුවලට පසුගිය වකවානුවේ මුහුණ දුන් පොලීසියේ 129 දෙනෙක්ට සහන සැලසීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇති බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් විජේවීර පැවැසුවේය.
එම පොලිස් නිලධාරීන්ගේ ලේඛනය මේ වනවිට අමාත්‍යාංශයට ලැබි ඇති බවත් විනය පරීක්ෂණ නොමැති අයට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ජාතික පොලිස් කොමිසමට ඉදිරියේදී යොමුකරන බවත් ජගත් විජේවීර සඳහන් කළේය. ඒ අය අතර විශ්‍රාමික පොලිස් නිලධාරීන්ද රැසක් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related