අත්අඩංගුවට ගැනීම වළක්‌වන ලෙස ඉල්ලා ආනන්ද සමරසේකරගෙන් පෙත්සමක්
රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ ශරීර කොටස් අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීමට දරන උත්සාහ...

https://www.sathhanda.com/2016/08/prof.ananda-samarasekara.html
රගර් ක්‍රීඩක මොහොමඩ් තාජුඩීන්ගේ ශරීර කොටස් අතුරුදන්වීම
සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීමට
දරන උත්සාහය වළක්‌වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ
හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර ඊයේ (19 වැනිදා)
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
2012 මැයි 17 හෝ ඊට ආසන්න දිනකදී සිදුවූ මොහොමඩ් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයේ නියෝගය පරිදි තමාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වූ බවත්, එහිදී ඉවත් කරනු ලැබූ ශරීර අස්‌ථි කොටස් වැඩිදුර පරීක්‍ෂණ සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ශීතකරණයේ බහා තැබීමට තමා නියෝග කළ බවත් මහාචාර්යවරයා එමගින් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබිණි.
ආරක්‌ෂාව යටතේ ශීතකරණයේ බහා තිබූ එම අස්‌ථි කොටස් තමා විශ්‍රාම යැමෙන් පසුව අතුරුදන් වී ඇති බවට දැන ගන්නට ලැබුණු බවත්, ඒ සම්බන්ධයෙන් තමා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පසුගිය සතියේ කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා වෙත ලිපියක් මගින් දැනුම්දීමෙන් පසුව තමා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවට දැන ගන්නට ලැබී ඇති බවත් මහාචාර්යවරයා සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබිණි.
සද්භාවයෙන් හා නීත්‍යානුකූලව රාජකාරි සිදුකළ තමා අත්අඩංගුවට ගැනීමක් සිදුවුවහොත් එය තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් වන්නේ යෑයිද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හා නීතිපතිවරයා ඇතුළු 13 දෙනකු වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම මගින් පෙන්වා දී තිබුණි.
මහාචාර්ය ආනන්ද සමරසේකර මේ වන විට මාලබේ සයිටම් ආයතනයේ උපකුලපති ලෙස සේවය කරයි.

Related