සාධාරණ ආකාරයෙන් තමයි මට එල්ලවුණ අභියෝග ජයගත්තේ - රංජිත් සියඹලාපිටිය

"අභියෝග වලට මම ගොඩක් කැමතියි. මම මෙතෙක් දුරක් ආවේ විශාල අභියෝග රැුසක් සමගිනුයි. අභියෝග නැත්නම් ජීවිතයකුත් නැහැ. මෙතාක්කල් මම ඉතාමත් ...

"අභියෝග වලට මම ගොඩක් කැමතියි. මම මෙතෙක් දුරක් ආවේ විශාල අභියෝග රැුසක් සමගිනුයි. අභියෝග නැත්නම් ජීවිතයකුත් නැහැ. මෙතාක්කල් මම ඉතාමත් සාධාරණ ආකරයෙන් තමයි මට එල්ල වුණ ඒ අභියෝග ජයගත්තේ" යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ පසුගියදා කෑගල්ල, දෙමටමුණුව විහාරස්ථානයේ ඉදිකිරීමට යෝජිත සංඝාවාසය වෙනුවෙන් මුල්‍ය ආධාර සැපයීමට එක්වූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ගමක වැදගත් ස්ථානය තමයි පන්සල. පන්සලක් නැති වුණොත් තමයි ඒකේ විනාකම තේරෙන්නේ. පන්සල සහ භින්ෂූන් වහන්සේ කියන්නේ ගමක තිබෙන සම්පතක්. බෞද්ධයෝ හැටියට අපට ඊට වඩා දෙයක් නැහැ. දෙමටමුණුවේ නායක ස්වාමීන් වහන්සේ ප‍්‍රදේශයට මහත් සේවාවක් ඉෂ්ඨ කරන ස්වාමීවහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේගෙන් ශාසනයට මෙන්ම සමාජයට සිදුවන උතුම් මෙහෙවරට අපි සහයෝගය දියයුතුයි. ඒ නිසයි නායක ස්වාමින් වහන්සේ මේ පිළිබඳව මා සමග පැවසූ අවස්ථාවේ මේ සඳහා සහයෝගය දක්වන්න මම පොරොන්දු වුණේ" යයි පැවසීය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6994519727363421477

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item