හිටපු විනිසුරු සරත් ආබෘගේ මරණය අභිරහසක්
හිටපු ශේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෘ මහතා ඊයේ සිය නිවසේ සඳලූතලයෙන් බිමට වැටී මියයාම පිළිබඳ සිද්ධිය සිය දිවි නසාගැනීමක්ද,තල්ලූ කර මරා දැමීමක්...

https://www.sathhanda.com/2016/08/sarath-abru.html

පසුව ඔහු ඉහළ මාලයේ පිහිටි තම කාමරයට ගොස් ඇත. සිද්ධියෙන් පසුව පොලිසිය කළ නිරීක්ෂණයේදී ඔහුගේ කාමරයේ මත්පැන් බෝතලයක්, සහ වීදුරුවකට වත්කළ මත්පැන් සිගරට් පැකට් ආදියද තිබී හමුවීමෙන් ඔහු උදෑසන කාමරයේදී මත්පැන් පානය කර ඇති බවට සැක පහළවේ.
කාමරයේ ටික වේලාවක් ගත කර පසුව ඔහු සඳලූතලයේ සිට සිය දියණියට බැණ වැදුණ සිද්ධියක්ද වාර්තා විය. නිවසට එන ලියුම් සම්බන්ධයෙන් දියණිය හරියාකාරව ක‍්‍රියා නොකළ බව පවසමින් ඔහු බැණ වැදී ඇති බව වාර්තාවේ. ඔහු බිමට ඇද වැටුණ සිද්ධිය වාර්තාවන්නේ ඉන් ටික වේලාවකට පසුය.
ඔහු මත්පැනට මත්වී ආවේග ශීලීව හැසිරෙද්දී එසේ ඇද වැටුණාද නැතහොත් කෝපයට බිමට පැන්නාද කිසිවෙකු තල්ලූ කරාද යන සැකය තවම පවතී.
ඔහු සඳලූ තලයේ සිට බිමට පතිතවූ ස්ථානය ඉහළ සිට අඩි 16 ක් පමණ පහළ පැවති අතර එතැන සිමෙන්ති ගල් අතුරා සකස්කළ බිමකි. ඇද වැටුණ පසුව ඔහුගේ හිස පොඩිවී අධික ලෙස රුධිරය ගලාගොස් තිබුණි.
නිවසේ සිටි ගුරුවරිය මුල්වී පාරට ගොස් ත‍්‍රීරෝද රියදුරෙකු කැඳවාගෙන ඇවිත් ආබෘ මහතාට අයත් ජීප් රථය ඔහුට පදවන්නට කියා ඇද වැටී සිටි අබෘ මහතාව කළුබෝවිල රෝහලට ගෙන යන්නට කටයුතු කර තිබුනි. අධික රුධිර වහනය නිසා ඔහු රෝහලට එන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි වාර්තා කළා.
ආබෘ මහතාගේ දියණිය මන්ද මානසික රෝගයකින් යුක්ත අයෙකු වන අතර ඇගේ අධ්‍යාපනය සඳහා ගුරුවරියක නිවසේ නතර කර ඉගැන්වීමට කටයුතු කර තිබෙන්නේ කලෙක සිටය. සිද්ධිය අවස්ථාවේ අබෘ මහතා ඉහළ මහළෙන් පැන්න බවට සාක්ෂි ලබාදී ඇත්තේ එම ගුරුවරියයි.
ඇය නිවසේ අයට මුලින්ම සිද්ධිය දැන්වූ බවද වාර්තාවේ. පොලිසිය මෙය කිසිවෙකු තල්ලූ කිරීමෙන් සිදුවූ මරණයක්ද යන්න ගැන පරීක්ෂණ සිදු කරයි. නිවස අසළින් ගමන් ගන්නා පටු පාරක් තිබෙන අතර එහි පැමිණ සඳලූතලයට කිසිවෙකුට පහසුවෙන් නැග ගත හැකි බවටද හෝඩුවාවන් ලබාගෙන ඇත.
සිද්ධිය අවස්ථාවේ පාරේ ආගිය අය ගැන සීසීටීවී දත්ත මේ වනවිට ගොනු කරමින් පවතින බවද පොලිස් ආරංචි හෙළි කළා.
පසුගිය කාලයේ අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් ආබෘ මහතාගේ සියලූ අධිකරණ කටයුතු අත්හිටුවීම නිසා ඔහු මානසික පීඩනයෙන් කල්ගත කරමින් සිටි බවටද සාක්ෂි පවතී. නමුත් සිද්ධිය අවස්ථාවේ ඔහු සියදිවිනසාගැනීමක් කරගත්තාද යන්න ඔප්පු කිරීමට තරම් ප‍්‍රබල සාක්ෂි හමුවී නැත.
හිටපු ශේෂ්ඨාධිකරණ විනිසුරු සරත්ආබෘ මහතා මිය යන විට 63 වියේ පසුවුණා.
ගල්කිස්ස පොලීසිය මේ පිළිබඳව පුළුල් පරීක්ෂණ සිදු කරමින් පවතී.

Related