ඇමෙරිකානු හමුදාවට අයත් USS ෆ්‍රෑන්ක් කේබල් නෞකාව අද කොළඹට
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් USS ෆ්‍රෑන්ක් කේබල් (AS40) නෞකාව අද (29දා) දිවයිනට පැමිණීමට නියමිත බවත්, ඉන්ධන ලබාගැනීම හා වරාය සංචාරයක් එහි අ...
https://www.sathhanda.com/2016/08/uss-frank-cable-as-40-in-sri-lanka.html?m=0
ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් USS ෆ්‍රෑන්ක් කේබල් (AS40) නෞකාව අද (29දා) දිවයිනට පැමිණීමට නියමිත බවත්, ඉන්ධන ලබාගැනීම හා වරාය සංචාරයක් එහි අරමුණ බවත් ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මෙම සංචාරය තුළදී නාවිකයන්ට ගොඩබිමට යෑමට නිවාඩු ලැබෙන අතර, ඔවුන් සතුන්ට සෙවන දෙන ස්ථානයක ස්වෙච්ඡා සේවයේද යෙදෙනු ඇති බවත් තානාපති කාර්යාලය කියයි.
USS ෆ්‍රෑන්ක් කේබල් නෞකාව ඉන්දු ආසියානු පැසිෆික් කලාපයේ බේරාගැනීමේ හා ප්‍රතිසාධන සේවා සපයමින්, එක්සත් ජනපද හමුදාවලට සහාය වන, ගුවාම් හි නවතා ඇති සබ්මැරීන් සැපයුම් නෞකාවක් බවද ඔවුන් කියයි.
මෙහි නාවිකයන් 500ක් පමණ සිටින බවත්, එය මේ කාලයේ එක්සත් ජනපද නාවික සබ්මැරීන යාත්‍රා හා අනෙකුත් නෞකාවල නඩත්තු කටයුතු සිදුකරමින් එක්සත් ජනපද 5 වැනි හා 7 වැනි නාවික බල ඇණිවල මෙහෙයුම් කටයුතුවලට සහභාගී වන බවත් එම තානාපති කාර්යාලය වැඩිදුරටත් කියයි.

.jpg)

Related