රත්නපුරේ රැලියට හිටපු පළාත් පාලන මන්ත්‍රීන් 2167 ක්‌ එක්‌වෙනවා

ශ්‍රීලනිපයේ ප්‍රතිගාමී ගමන් මඟට හා වත්මන් ආණ්‌ඩුවේ ක්‍රියාපිළිවෙතට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්‍ෂය ලබන 8 වැනිදා රත්නපුරයෙන් ආරම්භ කරන &...

ශ්‍රීලනිපයේ ප්‍රතිගාමී ගමන් මඟට හා වත්මන් ආණ්‌ඩුවේ ක්‍රියාපිළිවෙතට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්‍ෂය ලබන 8 වැනිදා රත්නපුරයෙන් ආරම්භ කරන 'අරගලයට පණ පොවන නව ජනතා බලවේගය' ගොඩනැඟීමේ රැලියට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයන් 2167 දෙනකු සහයෝගය පළ කිරීමට තීරණය කර ඇතැයි පළාත් පාලන සංසදයේ සභාපති උදේනි අතුකෝරල පැවැසීය.

මෙම මහා රැලියට පළාත් පාලන සංසදයේ සෑම සාමාජිකයකුම අවම වශයෙන් ආධාරකරුවන් සියදෙනා බැගින් සහභාගි කරවන බවත් ඒ අනුව තම සංවිධානය යටතේ විග්නේෂ්වරන් මහ ඇමැතිවරයාගේ ජාතිවාදයට එරෙහිව ලක්‍ෂ දෙකකට වැඩි සියලු ජාතීන්ගෙන් යුත් පිරිසක්‌ රත්නපුරයට එක්‌රැස්‌ කරවන බවත් ඔහු පැවැසීය.

මේ ආණ්‌ඩුව කිරි පොවා ඇති දැඩි කරන උතුරු පළාතේ විග්නේෂ්වරන් මහ ඇමැතිවරයාගේ ජාතිවාදී රැලියට එකට එක කරන රැලියක්‌ බවට රත්නපුර රැලිය පත්කර ගැනීමට තීරණය කළ බවත් හෙතෙම සඳහන් කළේය.

දිනූ නිදහස අනතුරට පත්ව ඇති මේ අවස්‌ථාවේ අරගලයකට පණ පොවන නව ජනතා බලවේගය ගොඩනැඟීමේ මහ රැලියට සහයෝගය ලබා දෙමින් සිංහ ධජය යටතේ තමන් නියෝජනය කරන කොට්‌ඨාසයකින් අවම වශයෙන් 100 බැගින් ජනතාව සමඟ ලබන 8 වැනිදාට රත්නපුර රැලියට එක්‌වන ලෙස එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරු සියලු දෙනාගෙන් පළාත් පාලන සංසදය ඉල්ලා සිටී.

මැතිවරණයක්‌ ප්‍රකාශයට පත් කළ ඕනෑම මොහොතක නව බලවේගය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයකින් ඉදිරිපත් වන බවත් ඒ අවස්‌ථාවේ බිහි කෙරෙන නව සන්ධානය ප්‍රකාශයට පත් කෙරෙන බවත් උදේනි අතුකෝරල මහතා පැවැසීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී ඊයේ (29 දා) පැවැති පළාත් පාලන සංසදයේ මාධ්‍ය හමුවේදී හෙතෙම මෙම කරුණු අනාවරණය කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2697749071419893646

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item