නව ක්‍රමවේදය නිසා ඉසඩ් ලකුණු වැඩි වුවත් සරසවි දොර වැසෙයි

විශ්වවිද්‍යාල ප්‍රවේශ ඉසඩ් ලකුණු නිකුත් කිරීමේ නව ක්‍රමවේදය නිසා වැඩි ඉසඩ් ලකුණු ලබා සිටින සිසුන් රැසකට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අවස්...

විශ්වවිද්‍යාල ප්‍රවේශ ඉසඩ් ලකුණු නිකුත් කිරීමේ නව ක්‍රමවේදය නිසා වැඩි ඉසඩ් ලකුණු ලබා සිටින සිසුන් රැසකට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අවස්‌ථාව අහිමි වන තත්ත්වයක්‌ උද්ගත වී ඇත.

මීට පෙර වසරවලදී ඒ ඒ උපාධි පාඨමාලාවන්ට අදාළව පොදුවේ ඉසඩ් ලකුණු නිකුත් කළ නමුත් මෙවර ඒ ඒ විශ්වවිද්‍යාලවල පවතින උපාධි පාඨමාලාවන්ට අදාළව වෙන වෙනම ඉසඩ් ලකුණු නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබිණි.

පෙර වසරවල ක්‍රමවේදයට අනුව අදාළ උපාධි පාඨමාලාවට අවශ්‍ය ඉසඩ් ලකුණු ලැබූ සිසුන් ඔවුන් අයදුම් නොකළ විශ්වවිද්‍යාලවලට ද ඇතුළත් කෙරිණි. එහෙත් මෙවර සිසුන් ඇතුළත් කෙරෙන්නේ ඔවුන් අයදුම් කළ විශ්වවිද්‍යාලවලට පමණි. මෙම තත්ත්වය මත විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ඇති සිසුන් රැසකට ප්‍රවේශ වරම් අහිමි වීම නොවැළැක්‌විය හැකි යෑයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙලෙස විශ්වවිද්‍යාල අහිමිව සිටින සිසුන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කරන නමුත්, සාමාන්‍ය ප්‍රවේශය යටතේ සිසුන් 26541 දෙනකු තෝරාගෙන සිටින බව කොමිෂන් සභාව මේ වනවිට ප්‍රකාශයට පත් කරනු ලැබ අවසන් ය.

එසේ හෙයින් අභියාචනා ඉදිරිපත් කරන සිසුන්ට අවස්‌ථාව හිමි වන්නේ දැනට වෙන් කර ගෙන සිටින සිසුන් නොපැමිණියහොත් පමණක්‌ යෑයි ඉහත ආරංචි මාර්ග පැවැසීය.

අයදුම්කරන විශ්වවිද්‍යාලවලට පමණක්‌ සිසුන් ඇතුළත් කරන බව ප්‍රවේශ අත්පොතේ සඳහන් කර ඇතත් ඉසඩ් ලකුණු සිදු සඳහනක්‌ නැත.

පවතින තත්ත්වය හමුවේ ඇතැම් දිස්‌ත්‍රික්‌කයන්ගෙන් ඉහළම ලකුණු ලබා සිටින සිසුන්ට පවා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අවස්‌ථාව අහිමි වී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 740120218221737367

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item