පතුරොම් 300ක් අපුර මහ ඇමැති පේෂල ජයරත්නගේ නිල නිවසේ ළිඳේ
උතුරුමැද මහ ඇමැතිගේ අනුරාධපුර නිල නිවාසයක් පිහිටි වත්තක ළිඳක තිබී පැරණි මළකඩ කෑ පතුරොම් තොගයක් සොයා ගත් බව පොලිසිය කියයි. කඩ පනහට නුද...

https://www.sathhanda.com/2016/09/300.html
උතුරුමැද මහ ඇමැතිගේ අනුරාධපුර නිල නිවාසයක් පිහිටි වත්තක ළිඳක තිබී පැරණි මළකඩ කෑ පතුරොම් තොගයක් සොයා ගත් බව පොලිසිය කියයි.
කඩ පනහට නුදුරින් පිහිටි මෙම නිල නිවසේ දැන් පදිංචිව සිටිනුයේ නව මහ ඇමැති පේෂල ජයරත්නය.
ළිඳ ඉහිද්දී ටී පනස් හය පතුරොම් 256ක් හා තවත් පතුරොම් 15ක් සොයා ගත් බවත්, දිරා ගිය මෙම පතුරොම් පාවිච්චියට ගත නොහැකි බවත්, වසර ගණනාවකට පෙර ළිඳට දමන්නට ඇති බවත් පොලිසිය කියයි.
පිටස්තර පුද්ගලයකුට වුවද වැව පැත්තෙන් පැමිණ ළිඳට පතුරොම් දැමීමේ ඉඩ කඩ ඇතැයි ද පොලිසිය පවසයි.
උතුරු මැද පළාත් සභාවේ ප්‍රථම මහ ඇමැති ජී ඩී මහින්දසෝම හා ඉන් පසු පත් වූ පී බී දිසානායක මෙම නිල නිවාසයේ නොසිටයහ. බර්ටි ප්‍රේමලාල් දිසානායක සහ එස් එම් රංජිත් එහි සිටියහ.
වරින් වර මහ ඇමැති ආරක්ෂාවට පොලිසියේ හා හමුදාවේ පිරිස් යොදවනු ලැබ සිටියහ.
Related