මහින්දට එරෙහිව ව්‍යාජ පැමිණිලි 400 මැලේසියාවේ පොලිසියට - පැමිණිලි කරුවන් ගැන පරීක්ෂණ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව මැලේසියා පොලිසියට ව්‍යාජ පැමිණිලි 400 ක්‌ ඉදිරිපත් කළ ඊළාම්වාදීන් පිළිබඳව මැලේසියා රහස්‌ පොලි...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව මැලේසියා පොලිසියට ව්‍යාජ පැමිණිලි 400 ක්‌ ඉදිරිපත් කළ ඊළාම්වාදීන් පිළිබඳව මැලේසියා රහස්‌ පොලිසිය ඊයේ (8 දා) පරීක්‍ෂණ අරඹා ඇත.

හිටපු ජනාධිපතිවරයා ක්‌වාලාලම්පුර් නගරයට පැමිණීමට දිනකට පෙර මෙම පැමිණිලි පොලිස්‌ ස්‌ථාන හතරකට සිදු කර තිබේ.

හිටපු ජනාධිපති යුද අපරාධ සිදු කළ බවට එම පැමිණිලිවල සඳහන් කර ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස එම පැමිණිලිවලින් ඉල්ලා ඇත.

මෙම පැමිණිලි කළ ඇතැම් පුද්ගලයන්ගේ ලිපින ව්‍යාජ ඒවා බවද පොලිසියට හෙළිවී තිබේ.

මෙකී ව්‍යාජ පැමිණිලි කළ පිරිසට නීතිමය පියවර ගන්නා බවද මැලේසියා පොලිසිය ප්‍රකාශ කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8018569953062884560

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item