ශ්‍රීලනිපයේ 65 වන සමුළුවට ලක්ෂ 5ක් ආවා – එස්.බී

කුරුණෑගල මාළිගාපිටිය ක්‍රීඩාංගණයේ ඊයේ (04) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 65 වන සමුළුවට ලක්‍ෂ 5 කට අධික පිරිසක් සහභාගි වූ බව අමාත්‍ය එ...

කුරුණෑගල මාළිගාපිටිය ක්‍රීඩාංගණයේ ඊයේ (04) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 65 වන සමුළුවට ලක්‍ෂ 5 කට අධික පිරිසක් සහභාගි වූ බව අමාත්‍ය එස්.බී දිසානායක පවසනවා.

සමුළුවෙන් අනතුරුව නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට කිසිදු දේශපාලන පක්‍ෂයක වාර්ෂික සමුළුවක් සදහා එවැනි පාක්‍ෂිකයන් පිරිසක් මෙතෙක් සහභාගි වී නොමැති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් ආසන සංවිධායකවරුන් ඉකුත් දින කිහිපයේදී ඉවත් කෙරුණා. එලෙස ඔවුන් ඉවත් කෙරුණේ බලමණ්ඩල සාමාජිකයන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලිම් සැලකිල්ලට ගෙන බවයි එස්.බී දිසානායක අමාත්‍යවරයා සදහන් කළේ.

කෙසේවෙතත් සමුළුවට සහභාගි නොවූ පිරිස් සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොකරන බවද ඔහු කියාසිටියා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2245496042815610056

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item