යුද හමුදාව සතු බිම් අඟලක්‌වත් ආපසු දෙන්නේ නෑ

යාපනය ආරක්‍ෂක සේනා මූලස්‌ථානය සහ පලාලි ගුවන් තොටුපළ ඇතුළු යුද හමුදා ජනපදය සතුව දැනට පවතින ඉඩම් අක්‌කර 4419 න් කිසිදු ඉඩම් ප්‍රමාණයක්‌ ආපස...

යාපනය ආරක්‍ෂක සේනා මූලස්‌ථානය සහ පලාලි ගුවන් තොටුපළ ඇතුළු යුද හමුදා ජනපදය සතුව දැනට පවතින ඉඩම් අක්‌කර 4419 න් කිසිදු ඉඩම් ප්‍රමාණයක්‌ ආපසු භාර නොදෙන බව යාපනය ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පැවසීය.

2010 වසර තෙක්‌ පලාලි අධි ආරක්‍ෂිත කලාපය ලෙස පැවැති ඉඩම් අක්‌කර 11,629 න් මේ වන විට අක්‌කර 7210 ක්‌ එහි මුල් හිමිකරුවන්ට ආපසු භාරදී ඇති බවත් යුද හමුදා ජනපදය හා පලාලි ගුවන් තොටුපළ සඳහා ඉතිරි අක්‌කර 4419 තවදුරටත් රජය යටතේ තබාගන්නා බවත් හෙතෙම පැවසීය.

ඒ අනුව පලාලි අධි ආරක්‍ෂිත කලාපය පවත්වාගෙන ගිය ඉඩම් ප්‍රමාණයෙන් 62% ක්‌ ආපසු භාරදී අවසන් බවත්, ඉතිරි ප්‍රමාණය යුද හමුදා ජනපදයට හා පලාලි ගුවන් තොටුපළට ඉතිරි කරගෙන ඇති බවත් මේජර් ජෙනරාල් සේනානායක පැවසීය.

පලාලි අධි ආරක්‍ෂිත කලාපය දැන් හඳුන්වනුයේ පලාලි යුද හමුදා ජනපදය නමින් බව පැවසූ හෙතෙම ඊට ඇතුළත් ඉඩම්වලින් එක බිම් අඟලක්‌වත් එහි මුල් හිමිකරුවන් වෙත ආපසු භාරදීමේ හැකියාවක්‌ නැතැයි ද කීවේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1963942218307678660

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item