එකසත් ජනපද ඔත්තුකරු එඩ්වර්ඩ් ස්නොව්ඩ්න්ට පලායාමෙදී සැඟවීමට උදවු කල ශ්‍රී ලාංකිකයෝ මෙන්න - සිවු වසරකට පසේ ස්නොව්ඩ්න් හෙළි කරයි

රාජ්‍ය රහස් හෙළි කිරීම නිසා ඇමරිකා එක්සත් ජනපදය විසින් සොයමින් සිටින ලෝ ප්‍රකට රහස් ඔත්තු විශ්ලේෂකයකුට පලා යාම සඳහා ආරක්ෂාව සලසා දෙන්නට ල...

රාජ්‍ය රහස් හෙළි කිරීම නිසා ඇමරිකා එක්සත් ජනපදය විසින් සොයමින් සිටින ලෝ ප්‍රකට රහස් ඔත්තු විශ්ලේෂකයකුට පලා යාම සඳහා ආරක්ෂාව සලසා දෙන්නට ලාකිකයන් පිරිසක් පියවර ගත් බව සිව් වසරකට පසු හෙළිවී තිබේ.

තමන් අත් අඩංගුවට ගැනීමට වීරිය කරන වොෂින්ටන් බලධාරීන්ගෙන්ගෙන් පලා ගිය එඩ්වර්ඩ් ස්නෝඩන් සති දෙකක් සඟවා තබා ගැනීමට හොංකොංහිදී සහාය වී ඇති ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සහ පිලිපීන කාන්තාවක් 2013 දී තමන් ගත් අවදානම මුල් වතාවට ජනමාධ්‍ය වෙත හෙළිදරව් කොට ඇත.

“තුන් අවුරුද්දකට ඉහතදී, මේ නිර්භීත පවුල් වල උදවිය හොංකොං යටිබිමේ මා ආරක්ෂා කළා. ඔවුන් තවමත් සිටින්නේ දේශපාලන රැකවරණ ලබා ගැනීමට බලාගෙන,” යි හිටපු එක්සත් ජනපද ඔත්තු සේවක ස්නෝඩන් ට්විටර් පණිවිඩයකින් පවසා තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක අංශය තම රටේ පුරවැසියන්ගේ සහ ලෝකය පුරා ආණ්ඩු වල ඔත්තු බලන හැටි ලෝකයට හෙළිකිරීම නිසා දඩයමට ලක්වී පලාගිය ස්නෝඩන් 2013 ජුනි 10 දා සිට ජුනි 23 දක්වා ආගිය අතක් ප්‍රසිද්ධියට පත්වී තිබුනේ නැත.


හැන්ඩල්ස්බ්ලැට් ගවේෂක වාර්තාකාර අංශයේ ප්‍රධානී සූන්ක අයිවර්සන් නීතිඥ ටිබෝ සහ සුපුන් සමග | සේයා: ජේන් රසල්

අජිත්, වැනේසා සුපුන් සහ නදීකා

ජර්මනියේ සිට පලකෙරෙන හැන්ඩල්ස්බ්ලැට් ව්‍යාපාරික ප්‍රකාශනය දැන් හෙළිදරව් කොට ඇති පරිදි ඒ සමයේ එඩ්වර්ඩ් ස්නෝඩන් හොංකොං හි සඟවා තබා ගෙන ඇත්තේ ශ්‍රී ලාංකික අජිත්, පිලිපීන ජාතික වැනේසා සහ ශ්‍රී ලාංකික සුපුන්, නදීකා යුවලයි.

ඔවුන්ට ස්නෝඩන් භාරදී ඇත්තේ ඔවුන්ගේ දේශපාලන රැකවරණ ලබා දීම වෙනුවෙන් මැදිහත් වන මානව හිමිකම් නීතිඥ රොබට් ටිබෝ විසිනි.

දේශපාලන රැකවල් පතා පැමිණ සිටින දහස් සංඛ්‍යාත ජනකායකගේ නිවහන් මැද පිහිටි කුඩා ගෙවල් ස්නෝඩන්ගේ හොංකොං රක්ෂාස්ථානය බවට පත්විය.

“ඒ තරම් ප්‍රසිද්ධ කෙනෙක් හොංකොං වල වඩාත්ම පරිභවයට පත් ජනතාව අතර ඉඳීවි කියා කවුරුත් හිතන්නේ නෑ” යි රොබට් ටිබෝ නැෂනල් පෝස්ට් පුවත්පතට පවසා තිබුණි.

අජිත්, වැනේසා, නදීකා සහ සුපුන් දැන සිටියේ ඔහු ‘ප්‍රසිද්ධ’ අයකු බවත් ‘ආරක්ෂාව’ සොයන බවත් පමණි.

තමන් රැකවල් දී ඇත්තේ කාටදැයි ඔවුන් දැනගෙන ඇත්තේ පසුදා පුවත්පත්වල මුල් පිටුවල ඔහුගේ දැවැන්ත ඡායාරුපයක් පල කර තිබෙනු දැකීමෙන් අනතුරුවයි.

සති දෙකක් හොංකොං හි සැඟවී සිටි එඩ්වර්ඩ් ස්නෝඩන් එතැනින් පලා ගියේ තාවකාලික දේශපාලන රැකවරණ ලබාදුන් රුසියාවටයි.



එඩ්වර්ඩ් ස්නෝඩන් සහ රොබර්ට් ටිබෝ මොස්කව්හිදී | සේයා: එන්වයි ජෙනිෆර්

ඩොලර් කෝටි පහක්

ඔහුගේ ජීවිතය රැකදුන් දේශපාලන අනාථයන්ගේ තත්වය තවත් නරක අතට හැරී තිබු බව පසුගිය ජුලි මාසයේ හොංකොං බලා ගිය හැන්ඩල්ස්බ්ලැට් පුවත්පත වාර්තා කර තිබුනි.

පිලිපීනයෙන් පැමිණි වැනේසාට සිය දියණි කියානාගේ පාසල් පොත් රැගෙන දීමට මුදල් නැත. හිටපු සොල්දාදු අජිත් හමුදාවෙන් පලාගොස් අත් අඩංගුවට පත්වී ලද වද හිංසාව නිසා මානසික ප්‍රතිකාර අවශ්‍යතාවෙන් පෙලේ. නදීකා සහ සුපුන් තම තෙමස් ළදරු පුතුද සමග නිරා දුක් විඳිමින් සිටිති.

“මෙයත් ස්නෝඩන් ගේ කතාවේ කොටසකි. තුන් අවුරුද්දකට පෙර ඔහු රැකගත් සරණාගතයෝ තමන් පිළිකුල් කරන පෝසත් නගරයක නිරාදුක් විඳිති,” යි හැන්ඩල්ස්බ්ලැට් ගවේෂක වාර්තාකාර අංශයේ ප්‍රධානී සූන්ක අයිවර්සන් ලියා තිබුනි.

ඩොලර් කෝටි පහක වියදමින් ස්නෝඩන්ගේ කතාව චිත්‍රපටයට නැගූ හොලිවුඩ් අධ්‍යක්ෂ ඔලිවර් ස්ටෝන් මේ දේශපාලන අනාථයන්ට කතා කරන්නට උනන්දුවක් දැක්වුයේ නැති බව රොබර්ට් ටිබෝ නීතිවේදියා කියයි.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3693244783433223075

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item