ප්‍රතිව්‍යුහගතකරණය නමින් පෞද්ගලිකකරණයට යනවා

ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් කම්කරු දෙපාර්තමේන්තුවට කිරීමට යන හානියට එරෙහිව එහි නිලධාරීන් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් කම්කරු ඇමැතිව...

ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් කම්කරු දෙපාර්තමේන්තුවට කිරීමට යන හානියට එරෙහිව එහි නිලධාරීන් ආරම්භ කර ඇති වැඩවර්ජනය සම්බන්ධයෙන් කම්කරු ඇමැතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

රජය සෑම දෙයකටම ප්‍රතිව්‍යුහගතකරණය නම යොදමින් පෞද්ගලීකරණයට ඇද ගෙන යන බව පැවැසූ මන්ත්‍රීවරයා මේ නිසා වැඩ කරන ජනතාව ලොකු ගැටලුවකට මුහුණ පා සිටින බවද සඳහන් කළේය. සභානායකවරයාට මේ සම්බන්ධයෙන් පිළිතුරක් දිය නොහැකි නිසා විෂයභාර ඇමැතිවරයා ගෙන්වා සභාවට පිළිතුරක් ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කීවේ වසර 80 ක් පැරණි කම්කරු දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බැවින් රජය වහාම ඊට මැදිහත්ව ක්‍රියා කළ යුතු බවයි.

කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගතකරණයට විරුද්ධව ඔවුන් මෙලෙස වැඩවර්ජනයේ නිරතවන බව පැවැසූ මන්ත්‍රීවරයා මෙම දිනය එක් දිනක් හෝ අකර්මණ්‍ය වුවහොත් ලක්ෂ 45 ක පමණ වැඩ කරන ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දීම අර්බුදයකට යන බව කීවේය.

මෙහිදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ තමන් මේ පිළිබඳ කම්කරු ඇමැති ජෝන් සෙනෙවිරත්න
ගේ අවධානයට යොමු කරන බවයි. යහපාලන රජය යටතේ ඕනෑම අයෙකුට සිය අයිතීන් වෙනුවෙන් වැඩවර්ජන උද්ඝෝෂණ කිරීමේ හැකියාව පවතින බවද ඇමැතිවරයා සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6814336872066845583

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item