එක්නැලිගොඩ ගැන සාක්ෂියක් නෑනේ!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළ බවට කිසිදු සාක්ෂියක් තවම නැති බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසයි. පැවිදි හඬ සංවිධානය කො...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කළ බවට කිසිදු සාක්ෂියක් තවම නැති බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් පවසයි.

පැවිදි හඬ සංවිධානය කොළඹදී අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස උන්වහන්සේ මේ බව පැවසීය.

එක්නැලිගොඩ සිද්ධියට රිමාන්ඩ් කර සිටින අයට සී.අයි.ඩීයේ පොලිස්කාරයින් විසින් බලපෑම් කරමින් සිටින බවත්, ඊට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ යැයි ප්‍රකාශ කරන ලෙසට එසේ බලපෑම් කරන බවත්, උන්වහන්සේ එහිදී කීවේය.

මේ අතර රනිල් - සිරිසේන අද උතුරට යන්නේ රණවිරුවන් ත්‍රස්තවාදයෙන් රට නිදහස් කරගත් නිසායැයිද පෙන්වාදුන් උන්වහන්සේ අද ත්‍රස්තවාදීන් වෙනුවෙන් හමුදා සෙබළුන් හිරේ යන බවද කියා සිටියේය.

ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීමට රණවිරුවෙකුට සිදුව ඇති බවත්, ඔහු වෙනුවෙන් පාරට බැස කැටයකට මුදල් එකතු කිරීමේදී හරීන් ප්‍රනාන්දු, සරත් ෆොන්සේකා වැනි අය තක්කඩි කතා කියන බවත්, එදා ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි යැයි කියූ ලක්ෂ්මන් කිරිඇල්ල සමග අද සරත් ෆොන්සේකාද එක්ව සිටින බවත්, උන්වහන්සේ පෙන්වාදුන්නේය.

මේ අතර 1948 සිට බලයට පත්වූ ආණ්ඩු අතරින් පලිගැනීම් උපරිමයෙන් සිදුකළ රජය වත්මන් යහපාලන ආණ්ඩුව යැයි එම මාධ්‍ය හමුවට එක්වූ නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසීය.

උන්වහන්සේ සඳහන් කළේ නිදහස් චතුරස්‍රයේදී "නහී වේරෙන වේරානි" ධම්මපද ගාථාව කියමින් මේ ආණ්ඩුව දිවුරුම්දුන් නමුත් දැන් සිදුවන්නේ එහි අනිත් පැත්ත බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6435028646049865250

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item