තවත් චෝදනා එපා - සංවර්ධනය යළි ඇරඹුණා
පසුගිය කාලයේදී ගෙන ගිය සංවර්ධනය යහපාලන ආණ්ඩුව යටතේ නතර වුණැයි චෝදනා නැඟුණු බවත්, එම සංවර්ධන කටයුතු දැන් ආරම්භ වී ඇති බවත්, ධීවර...
https://www.sathhanda.com/2016/09/blog-post_333.html?m=0
පසුගිය කාලයේදී ගෙන ගිය සංවර්ධනය යහපාලන ආණ්ඩුව යටතේ නතර වුණැයි චෝදනා නැඟුණු බවත්, එම සංවර්ධන කටයුතු දැන් ආරම්භ වී ඇති බවත්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
ශ්‍රීලනිප මූලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ 70, 77, 94 හා 2005 කාලවලදී ද බලයට පත්වූ ආණ්ඩුවලට මෙවැනි චෝදනා නැඟුණු බවයි.
2005දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම රජයේ සිටි අනුර බණ්ඩාරනායක ඇමතිවරයා ආණ්ඩුවට එල්ල වන චෝදනා ගැන පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ බවද ඇමතිවරයා කියා සිටියේය.
සෑම ග්‍රාම නිලධාරී වසමකටම රුපියල් මිලියන බැගින් මිලියන 14,000ක් සංවර්ධන කටයුතු සඳහා ලබාදී ඇතැයිද ඔහු කියා සිටියේය.

Related