විග්නේෂ්වරන් හිස් ටින් කබලක්..බොළදයෙක්. ඔහු කියන දේවල් ගණන් ගන්න එපා
උතුරු මහ ඇමති සීවී විග්නේෂ්වරන් යනු හිස් ටින් කබලක් හා දේශපාලන බොළදයෙක් නිසා ඔහු කියන කතාවල එතරම් ගණන් ගත යුත්තක් නැතැයි ඇමති එස්.බී. දිස...
https://www.sathhanda.com/2016/09/blog-post_369.html?m=0
උතුරු මහ ඇමති සීවී විග්නේෂ්වරන් යනු හිස් ටින් කබලක් හා දේශපාලන බොළදයෙක් නිසා ඔහු කියන කතාවල එතරම් ගණන් ගත යුත්තක් නැතැයි ඇමති එස්.බී. දිසානායක පවසයි
’විග්නේෂ්වරන් කියන්නේ නිකම් බොළදයෙක්. ප්රභාකරන්ගේ ලොකු අප්පච්චි වෙන්නයි එයා යන්නේ. එයා ලාභ අත්පොළසන්වලට චියර් එකට සටන් පාඨ කියනවා. ඔය කිසිවක් එයාගේ සැබෑ ජීවිතේ නෑ’ යයිද ඇමතිවරයා කියා සිටියේ කොළඹදී මාධ්‍ය අමතමිනි.
‘විග්නේශ්වරන් දේශපාලනඥයෙක් නොවෙයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්. එයා හවසට දරැවෝ එක්ක හොදට කාලා බීලා ඉන්නවා. බොහොම ඉහළ ජීවිතතයක් කොළඹ ගෙවන මනුස්සයෙක්. ඔහු ගණන් ගන්න දෙයක් නැහැ’

Related