තැන තැන කුණු දැම්මොත් හමුදාව හා පොලීසියෙන් අත්අඩංගුවට

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්ගේ සංකල්පයක් අනුව කොළඹ සහ තදාසන්න නගරවල අනවසර කසල බැහැර කිරීම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානත්ව...

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්ගේ සංකල්පයක් අනුව කොළඹ සහ තදාසන්න නගරවල අනවසර කසල බැහැර කිරීම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානත්වයෙන් හා යුද හමුදා නිලධාරීන්ගේ සහාය ඇතිව විශේෂ වැටලීම් වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ඒ අනුව මෙම වැටලීම් කොළඹ නගර සභාව, මහරගම, බොරලැස්ගමුව, කඩුවෙල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල / ගල්කිස්ස, මොරටුව යන පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල ක්‍රියාත්මක වේ.

පසුගිය 05දා සිට 09දා දක්වා පරිසර පොලිස් නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන්ගේ දායකත්වයෙන් අනවසර කසල බැහැර කරන අවස්ථාවන්හි දී නඩු 84ක් ලබා ගෙන ඇත.

බස්නාහිර පළාත තුළ පළාත් පාලන ආයතනවලින් තම බල ප්‍රදේශ තුළ කසල කළමනාකරණ කටයුතු සඳහා මූලිකත්වයක් ලබා දී කටයුතු කරන අතර එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ප්‍රජාව විසින් ලබාදෙන දායකත්වය ප්‍රමාණවත් නොවීම
හේතුවෙන් මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

මෙම වැටලීම් සිදුකිරීමේ මූලික අරමුණ වනු ලබන්නේ අනවසර කසල බැහැර කිරීම සම්බන්ධ නීතිය පිළිබඳ ව මහජනතාව තුළ දැනුමක් ඇති කර ඒ තුළින් එම වරද සිදු කිරීමෙන් ඔවුන් වළක්වාගැනීම සඳහා ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1105535887220609722

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item