ඒකාබද්ධයේ මන්ත්‍රීන් ආවත් නැතත් ශ්‍රීලනිප සංවත්සරය පවත්වනවා - මහින්ද අමරවීර

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණියත්, නැතත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 65 වැනි සංවත...

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණියත්, නැතත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 65 වැනි සංවත්සර උත්සවය දැවැන්ත ජනතා සහභාගීත්වයකින් පවත්වන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර  ඊයේ (01 වැනිදා) පැවසීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගි කරගෙන සංවත්සරය පැවැත්වීමට තමා හැමවිටම කටයුතු කළ බවත්, එම තත්ත්වය තවමත් පවතින බවත් අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතමුන් විසින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවත්සරයට නොයැම, වෙනම පක්‍ෂ හදන බවට කරන ප්‍රකාශවලින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ විය හැකි බවට ජනතාව තුළ කුතුහලයක්‌ ඇතිවී තිබෙන නිසා එය දුරුකරලීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සංවත්සරයකට විශාලම ජනතා සහභාගීත්වය මෙවර කුරුණෑගලදී පෙන්වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 475892630827807825

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item