යුද අපරාධවලට චන්ද්‍රිකාත් වගකිව යුතුයි - ආනන්දි සසිදරන් කියයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද යුද සමයේ සිදුවූ යුද අපරාධවලට වගකිව යුතු බව උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිදරන් ප්‍රක...

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියද යුද සමයේ සිදුවූ යුද අපරාධවලට වගකිව යුතු බව උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිදරන් ප්‍රකාශ කර ඇත.

චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ දෙමළ ජනතාවට එරෙහිව යුද අපරාධ සිදුවූ බව සසිදරන් ප්‍රකාශ කර ඇත්තේ කැලණියේ පැවැති හමුවකදීය.

හිටපු ජනපතිනිය 1983 ජූලි කලබලවලින් දෙමළ ජනතාවට සිදුවූ හානි පිළිබඳ සොයා බැලුවද ඒවා සිදුකළ පුද්ගලයන්ට එරෙහිව කිසිවක්‌ සිදු නොකළ බවද පළාත් සභා මන්ත්‍රිනිය ප්‍රකාශ කර තිබේ.

මෙම හමුව සඳහා ප්‍රගීත් එක්‌නැලිගොඩගේ බිරිය වන සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මිය ඇතුළු 200 ක්‌ පමණ සහභාගිවී සිටියහ. සසිදරන් හිටපු කොටි නායක එළිලන්ගේ බිරියයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7356566794932069318

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item