යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පරීක්ෂණය සඳහා ජාත්‍යන්තර විනිසුරුන් පත්කරන්න ඉල්ලීමක්

යුද සමයේදී මෙරට සිදුවූ බව පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදුකරන යාන්ත‍්‍රණය සදහා ස්වාධීන ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලය...

යුද සමයේදී මෙරට සිදුවූ බව පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිදුකරන යාන්ත‍්‍රණය සදහා ස්වාධීන ජාත්‍යන්තර විනිසුරු මණ්ඩලයක් පත්කළ යුතු යැයි උතුරු පළාත් සභා මන්තී‍්‍රනී ආනන්දි ශෂිදරන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර ඇත.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 33 වැනි සැසිවාරය සඳහා සහභාගී වෙමින් රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසීම් සිදුකළ අවස්ථාවේදී ඇය මෙම ඉල්ලීම සිදුකර ඇත

අවසන් යුද සමයේදී 125 000ක පමණ පිරිසක් අතුරුදහන් වී ඇති බවත් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් 125 දෙනෙකු පමණක් මෙරට බන්ධනාගාරවල පසුවන බවත් ඇය සදහන් කර තිබුණාය.

එමෙන්ම අවසන් යුද සමයේදී වන්නියේ පමණක් 146 679 දෙනෙකු මෙරට ආරක්‍ෂක හමුදාව විසින් ඝාතනයට ලක්කර ඇති බවත් තිස්වසරක යුද්ධයේදී උතුරු නැගෙනහිර පළාත් ඇතුළු රටපුරා 150 000කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවත් ශෂීදරන් සදහන් කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3949133285510889103

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item