ඉන්දීය සාගර සමුළුවක් ස්ථාපිත කිරීම ක‍ාලෝචිතයි - රනිල් වික්‍රමසිංහ සිංගප්පුරුවේදී පවසයි

ඉන්දීය සාගර පාලන නීති පද්ධතියක් ගොඩනගා ගැනීමට හැකි පදනම සකස් කරලීම උදෙසා ඉන්දීය සාගර සමුළුවක් ස්ථාපිත කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම...

ඉන්දීය සාගර පාලන නීති පද්ධතියක් ගොඩනගා ගැනීමට හැකි පදනම සකස් කරලීම උදෙසා ඉන්දීය සාගර සමුළුවක් ස්ථාපිත කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දීය සාගර නීති පද්ධතිය රාජ්‍යයන් අතර අන්තර් ක්‍රියාවන්ට මග පෙන්වමින් ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සහතික කරන්නක් විය යුතු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙයි.

එමෙන්ම කලාපයේ අධ්‍යාපන හා මානව ප්‍රාග්ධන සංවර්ධන සහයෝගිතාව සඳහා වැඩසටහනක් සකස් කළ යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සිංගප්පූරුවේ ෂැන්ග්‍රිලා හෝටලයේදී ඊයේ රාත්‍රී ආරම්භ වූ ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමිනි.

රටවල් 21ක් නියෝජනය කරමින් නියෝජිතයින් 250 දෙනෙකු සමුළුව සඳහා සහභාගී වී සිටින බව සඳහන්ය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 148172047342019231

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item